♥️Chapter 20🍒

402 76 46
                                    

" අඩෝව් බන් හෙට හැමෝම camping යනවා නේත ?" හොබී ඇහුවෙ මුනත් බෙරි කරන්..



" මොකා ගියත් අපිට මොකෝ අපිට යන්න වෙන්නෑනෙ.." ජින් තරහින් වගේ කියද්දි හැමෝම ඔලුව වැනුවා...



අද වෙනකන් තාමත් B5 ලා camping වලට ගිහින් නෑ..ඒකට හේතුව ජන්කූක්.. කවදාවත් ජන්කූක් camping යන්න කැමති උනේ නෑ.. එහෙම එකේ ජන්කූක්ව දාලා අනිත් හතර දෙනාට යන්න පුලුවන් කමක් නෑනෙ.. ඉතින් අනිත් ලමයි සේරම camping යනකොට එයාලා කලේ වෙනද වගේම රවුම් ගගහා ඉදපු එක...



" Hi guys...හෙට camping නේද " එක පාරටම එතන කඩා පාත් උන ජන්කූක් ඇහුවෙ සෝෆා එකේ ඉදගන්න ගමන්..



"අපිට යන්න වෙන්නෑනෙ.." ජින් මිමිණුවා...


" මොකද කියන්නෙ....අපිත් හෙට camping යමුද..."



ජන්කූක් ඇහුවෙ අනිත් හැමෝගෙම ඇස් පොල් ගෙඩි කරලා..ඇයි ඉතින් අවුරුදු ගානක් නොගිය මනුස්සයම මෙහෙම කියනකොට කාටද පුදුම නැත්තෙ..


" ජන්කූක් මොකක්ද කිවුවෙ ? "


" camping යමුද කියලා ඇහුවේ.."


" ආයෙත් කියහන් "



" උබ මොනා හරි වැරදිලා කෑවද ජන්කූක් " හැමෝම එක එක ඒවා අහද්දි ජන්කූක් ලාවට හිනා උනා...



" හරි...හැමෝම අහගන්න..මන් දැන් ඇහුවෙ අපි හෙට camping යමුද කියලා ..."



" අඩෝ සිරාද ...."


" ඒ කියන්නෙ අපි camping යනවද.."


"ඔහ් යේ..."


"යමන් බඩු ලෑස්ති කරන්නෝනෙ.."



හැමෝම එක ව්නාඩියෙන් එතනින් වාශ්ප වෙලා ගියේ ගමන ගැන තියන උනන්දුවට.. ජන්කූක් සෝෆා එකේ වාඩි වෙලා තමන්ගෙ යටි තොල අත ගාන ගමන් ලාවට හින උනා..



අනිත් පැත්තෙන් ටේයි ජිමිනුයි... ඒ දෙන්නට ඊට වඩා දෙයක් තිබුන්නෑ.... දෙන්නත් එක්ක හුගක් වෙලාවට මෙහෙම ඇවිදින්න ගියත් අලුත් ස්කූල් එකෙන් යන පලවෙනි වතාවනේ...කොහොමින් කොහොම හරි හැමෝම එයාලගෙ ගමනට ලෑස්ති වෙද්දි ඔක්කොම හිටියෙ හෙට එලිවෙනකන් ඉවසිල්ලක් නැතුව.....



🥺My youth 🥰 (Taekook)Where stories live. Discover now