ජන්කූක් ඉස්සරහින් කාර් එක නවත්තපු ඩ්රයිවර් බැහැලා ජන්කූක්ට දොර ඇරියත් ජන්කූක් වාඩි උනේ නෑ...
" මට තනියෙන් යන්න පුලුවන්.. තමුන්ට පුලුවන්නෙ ටැක්සි එකක් දාන් යන්න.. නැත්නම් කෝල් කරලා වාහනයක් ගෙන්න ගන්නවා.. "
ඩ්රයිවර්ට තවත් මුකුත් කියන්න නොදීපු ජන්කූක් ඩ්රයිවින් ශීට් එකෙන් ඉදගත්තෙ ඩ්රයිවර් ඇරපු දොර වහනකොට.. ඒ විනාඩියේම කා එක ස්ටාර්ට් කරගත්තු ජන්කූක් වේගෙන් එතනින් යන්න ගියේ ඩ්රයිවර් හුලග වගේ වේගේන් යන ජන්කූක්ගෙ කාර් එක දිහා බලන් ලොකු හුස්මක් හෙලද්දි.. සාමාන්යයෙන් ජන්කූක්ලා ගියපු කැලේ ඉදන් සෝල් වලට යන්න පැය තුනක් විතර ගියත් කා රේස් වලට එක්ස්පර්ට් අපේ ජන්කූක්ට පැයෙන් සෝල් වලට යන්න පුලුවන් උනා.. ඒක එයාගෙ දක්ෂතාවය විතරමද.... ? නැහැ.. හිතේ තියන තරහ , දුක මේ හැමදේම එකතු උනාම සාමාන්යයෙන් මනුස්සයෙක්ට කරන්න පුලුවන් දේට වඩා දෙයක් කරන්න පුලුවන්... එක පාරටම නිකන් හොල්මනක් ගියා වගේ ඇවිස්සිලා ගියපු දුවිලි පාර නිසා කා පාර්කින් එක ගාව හිටිය සිකියුරිටි අන්කල් වට පිට බලද්දි තමා දැක්කෙ ගියපු වේගෙන්ම කා එකේ දොර වහලා ආයි එන ජන්කූක්ව...
" අප්පට... සර්ට මොනා යකා වැහිලද " ජන්කූක් මෙහෙම හැසිරෙන්නෙ තරහ ගියාම කියලා දන්න සිකියුරිටි අන්කල්ට නිකන්ම කිය උනා.. " කට පරිස්සන් කර ගනින් ලී නැත්නම් අද දත් නැතුව බත් කන්න වෙන්නෙ " තමන්ටම කියාගත්තු ලී අන්කල් ජන්කූක් එන නිසා ඉක්මනට ඔලුව බිමට නවා ගත්තා..ඒත් පැත්තවත් නොබලපු ජන්කූක් හොටෙල් එක ඇතුලට ගියෙ ලී අන්කල් සැනසුම් සුසුමක් හෙලද්දි " බේරුණා ".......කෙලින්ම හොටෙල් එකෙ reception එක ගාවට ගියා... එක පාරටම කඩා පාත් උන ජන්කූක් දැකලා හැම සේවකයෙක්ම තමන්ගෙ වැඩ නතර කරලා ජන්කූක්ට ඔලුව නැමුවා...
" මගෙ රූම් එකේ key එක දෙනවා.." ජන්කූක් කියනවත් එක්කම සේවිකාව ජන්කූක්ගෙ key අරන් හිමින් සැරේ ජන්කූක් ගෙ අතින් තිබ්බා..
" කාටවත් කියන්න ඕන්නෑ මන් මෙහෙ කියලා.. කියලා අහු උනොත් ජොබ් මෙහෙ ජොබ් කරන අන්තිම දවස.. "
YOU ARE READING
🥺My youth 🥰 (Taekook)
Fanfic"ජන්ග්කූක්..ඔයා මට ඇත්තටම ආදරේ නැද්ද ? " "නැහැ " "ඔයා හදවතට එකගවද ඔය කියන්නෙ.." "ඔව් " බෙයා..මන් ඔයාට ආදරෙයි...මේ ලෝකෙ හැමදේටම වඩා.. ඒත් මට ඒක ඔයාට කියන්න තරම් ශක්තියක් නෑ බෙයා.. ඔය නිල් පාට ඇස් , රෝස කම්මුල් , පීච් වගේ තොල් , දිග ඇස් පිහාටු , ගෝල්ඩ...