ᴅᴀᴅᴅᴀ - 4

2.1K 386 33
                                    

"Love is such a powerful force. It's there for everyone to embrace-that kind of unconditional love for all of humankind. That is the kind of love that impels people to go into the community and try to change conditions for others, to take risks for what they believe in."

❁❁꧁❀꧂❁❁

𝐇𝐞 𝐢𝐬 𝐌𝐲 💚ᗪ𝗮ᗪᗪ𝗮❤






"Wang Haoxuan අපි දෙන්නා ඔය කතාව ගැන මීට දහස් වාරයකට වඩා කතා කරලා තියෙනවා. ඒ නිසා ඔය ඇති"

"මොනවද ඇති? Yibo කවදා හරි ඔයාට ඔය ඇත්‍තට මුහුණ දෙන්න වෙනවා. එයා ඔයාගේ Mate, Yibo....ඔයා එයාට ඇයි තේරුම් කරන්නේ නැත්තේ...ඔයා කවදා හරි ගොඩක් විඳවයි Bo....කරුණාකරලා lil bun ට තේරුම් කරන්න"

Yibo සුසුමක් පිට කර තමන් ගේ පුටුවෙන් නැගිට්ටා. එහෙත් ඔහු කාමරෙන් පිටතට යාමට පෙර තමන් ගේ ගැඹුරු කටහඬෙන් කතා කරන්නට වුනා.

"මම දන්නේ නැහැ Xuan අනාගතේ මොනා වෙයිද කියලා. ඒත් මම දන්නවා එක දෙයක්. මගේ little baby ව කවදාවත් මම මගෙන් ඈත් කරන්න ඉඩ දෙන්නේ නැහැ. එයා මගේ mate වෙන්න අකමැති නම් ඒක එයාගේ කැමැත්ත. මම කවදාවත් මගේ Zhan ට කිසි දෙයකට බල කරන්නේ නැහැ. මම එයාට කැමති විදිහකට ජීවත් වෙන්න ඉඩ දෙනවා. ඒත් කවදාවත් මම මගේ little baby ව තනි වෙන්න ඉඩ තියන්නේ නැහැ. එයාගේ Dadda විදියටත් එයාගේ mate විදියටත් මම හැමදාම එයාව රැක ගන්නවා. ඒ වගේම ආදරේ කරනවා. Because my little Zhanzhan deserve it"

Haoxuan නිහඬවම Yibo කියන දෙයට සවන් දී සුසුමක් පිට කරා. ඔහු දැන සිටියා ඔහුගේ මිත්‍රයාගේ පිළිතුර මේ වගේ වෙන බවට. මොකද ඔහු Zhan කෙරෙහි දක්වන අසීමාන්තික ආදරය නිසා ඔහු ඒ අනාගතයට බිය බව Haoxuan හොඳින්ම දැන සිටියා.

"තව අවුරුදු දෙකක් තියෙනවනේ?? අපි බලමු ඉස්සරහට මොනවා වෙයිද කියලා. ඒ කොහොම කරත් මට විශ්වාසයි lil bunny කවදාවත් ඔයාව reject කරන එකක් නැහැ කියලා. ඒ වගේම එයා තේරුම් ගනිවී ඇත්තටම ඔයාට ආදරේ එයාගේ තාත්තා විදිහට නෙමෙයි mate විදිහට කියලා. *හිස ඔසවා බලමින්* දැන් කොහෙද ඔය යන්නේ?"

Yibo මේ වන විටත් සිටියේ දොර අසලට ගමන් කරලයි. ඔහු නිහඬවම Haoxuan කතා කරන විට කාමරයේ දොර වෙත පියවර ගෙන තිබුනා. ඔහු දොර අගුල කරකවා දොර විවර කර පිටතට ඇවිද ගියා.

𝐇𝐞 𝐢𝐬 𝐌𝐲 💚𝐃𝐀𝐃𝐃𝐀❤ ✔️Where stories live. Discover now