ᴅᴀᴅᴅᴀ - 30

2.6K 318 154
                                    

"My feelings are not just for you. They are what I do not feel for anyone else. You are the breath to my life.
You bring out the best in me, you make me laugh, you make a positive atmosphere around me. And when you are gone, my life is all blank. You mean everything to me"

❁❁꧁❀꧂❁❁

𝐇𝐞 𝐢𝐬 𝐌𝐲 💚ᗪ𝗮ᗪᗪ𝗮❤






හිරු ටිකෙන් ටික අහස් මුදුනට ළං වන විට Bunny මන්දිරයේ පිටත උද්‍යානය ටිකෙන් ටික හැඩ වෙන්නට පටන් ගත්තා. පාට පාට බැලුම්....සුන්දර සැරසිලි...විවිධාකාර පුටු මේස....විශාල කෑම මේස.....රසම රස කේක් ජාති....මේ හැම එකක්ම ටිකෙන් ටික පිරෙන්නට පටන් ගත්තේ දකින ඕනිම අයෙක්ට මන්දිරයේ සූදානම් වන විශාල සාදය ගැන ඉඟි කරමින්.

මේ හැම එකක්ම ටිකෙන් ටික පිරෙන්නට පටන් ගත්තේ දකින ඕනිම අයෙක්ට මන්දිරයේ සූදානම් වන විශාල සාදය ගැන ඉඟි කරමින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එහෙත් තවමත් මේ සාදයේ අයිතිකරු නම් පෙනෙන තෙක් මානයක නැහැ. වෙනදාට Bunny මන්දිරයේ සාදයක් තිබෙනවා නම් එහි පුංචි හිමිකරු මුළු නිවස පුරාම දැක ගැනීමට ලැබීම සාමාන්‍ය දසුනක්. ඒත් අද කෝ ඒ හා පැටියා???

Zhan තවමත් සිටින්නේ Dadda ගෙත් ඔහුගෙත් නිදන කාමරයේ විශාල ඇඳ මත ඉඳගෙනයි. ඔහු ඉදිරියේ ඇති ලියුම දිග හැර බලන්නට තරම් ඒ කුඩා හදවතට තවමත් ශක්තියක් නැහැ. නා පිරිසිදු වී එය බලන්නට හැකි වේ යැයි බාලයා සිතුවත් ඊට පැයකට පසුත් තවමත් ඔහු එතැනයි.

"මැණික?"

පුංචි හා පැටියා ඔහු වඩාත්ම ප්‍රිය කරන ආදරණීය කටහඬ හමුවේ හිස ඔසවා බැලුවා. ඒ කළු පැහැති දෑස් වල ඇති ආදරය සහා කරුණාව හමු වුනු විට බාලයාගේ නෙත් දෙක තෙමෙන්නට උනේ ඉබේමයි.

"Dadda"

"මොකක්ද මැණික ප්‍රශ්නේ?"

Yibo ඇඳ අසලට පැමිණියත් ඔහු ඇඳ මතින් ඉඳගත්තේ නැහැ. එයට හේතුව Zhan දැනටම එහි ඔහුගේ nest එක නිර්මාණය කර අවසන්. Omega වරයාගෙන් ආරාධනාවක් නොමැතිව mate ට උනත් Nest එකට ඇතුල් වීම තහනම් දෙයක්. එසේ නොදැනුවත්ව non blood related/unmarked Alpha කෙනෙකු ඇතුළුවනවා කියන්නේ mating වීම හඟවනවයි. නමුත් ආරාධනා කරනවනම් එය ඒ Omega වරයා Alpha වරයාගේ ආදරය, රැකවරණය, ආරක්ෂාව බලාපොරොත්තු වන බවට පැවසීමක්

𝐇𝐞 𝐢𝐬 𝐌𝐲 💚𝐃𝐀𝐃𝐃𝐀❤ ✔️Where stories live. Discover now