"I'm just a big believer in 'you must love yourself before you can love anybody else' and I think for me that breeds the most inspired relationships"
❁❁꧁❀꧂❁❁
𝐇𝐞 𝐢𝐬 𝐌𝐲 💚ᗪ𝗮ᗪᗪ𝗮❤
•
•
•
•
•
•සතියකට පසුව
°°°°°°°°°°°°°°°°°°°"Mr Wang, ඔයාව හම්බෙන්න කෙනෙක් ඇවිත් ඉන්නවා"
"එලියෙන් ඉන්න කියන්න"
"සර්...ඒත්...ඒ Little Master නේ?"
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
Wang Yibo's POV
Rut එක හැදුනු දවස් හතරෙන් පස්සේ මගේ චූටී Zhan මගෙන් සෑහෙන්න ඈත් වෙලා. මේ දවස් තුනම එයා අඩුම තරමේ මං ළඟ නිදා ගන්නවත් ආවේ නැහැ. මුළු දවසෙම මාව මග හරින්න වගේ එයාගේ පාඩම් කාමරේට වෙලා දොර වහගෙනමයි සිටියේ. වෙනදා වගේ මගේ ඇඟේ එල්ලෙන්න, මගේ ළඟට කෑ ගහගෙන ඇවිත් තුරුළු වෙන්න තියා මම එයාව ඇහැට දකින්නෙත් කෑම කන වෙලාවට විතරයි. මම දන්නවා එයාට කාලයක් ඕනි ඇති....සමහර විට එයා මට වෛර කරනවත් ඇති...ඒත්...ඒත්....
"Dadda?"
"Baby"
මගේ ඇඟ මම දන්නෙම නැතිව පුටුවෙන් ඉහලට ඉස්සිලා මගේ කකුල් දෙක මටම පාලනය කරගන්න බැරිව මගේ චූටී පුළුං බෝලේ ළඟට ඇවිදන් යන්න පටන් ගත්තා. ඒත් මාව ඉන්න තැනම ගල් කරගෙන එයා දුවගෙන ඇවිත් මට තුරුල් උනා. දෙවියනේ....I miss it....I miss by baby too much...මම ආපහු ජීවත් වෙනවා කියලා මට දැනෙන්නේ දැන්...මගේ පපුව ආයේම ගැහෙන්න ගත්තේ දැන්....
"I miss you dadda...."
ඒ පුංචි ආදරණීය කටහඬ හිමිට මතුරනවා ඇහෙනකොට මට විතරක් නෙමෙයි එයාටත් මම නැතිව ඉන්න බැහැ කියලා දැනගත්තම මට දැනෙන්නේ මහ අමුතුම සතුටක්. මම මගේ පුළුං බෝලේ ගේ ඉන වටේ තියෙන මගේ අත් දෙක තවත් එයාගේ පුංචි ඇඟ වටේ ඔතාගෙන තවත් මගේ Zhanzhan ව තුරුළු කරගත්තා. එයාගේ සිනිඳු කොණ්ඩේ හිමිට නහය අතුල්ලනකොට....දෙවියනේ මගේ මැණික ගේ සුවඳ....නෙළුම් යායක් මැද්දට මාව කවුරු හරි ගිහින් දාලා වගේ....
"Dadda ඇයි ඔයා මොකවත් කියන්නේ නැත්තේ?"
ඔහ්...මම මෙච්චර වෙලා කල්පනා කරා විතරයි. මගෙන් වචනයක් නැතිව මගේ මැණික ටිකක් කලබල වෙලා වගේ. මගේ පපුවේ තද කරන් ඉන්න එයා චූටී හුරතල් මූණ දකින්නේ නැතුව උනත් මට හිතාගන්න පුළුවන් එයාගේ නලල මැද්දේ හුරතල් විදියේ රැවුමක් ඇති.... 'ඒත් මට කියාගන්න වචන නැහැ මැණික...' මම එයාගේ කොණ්ඩේ අස්සේ ඔබාගෙන ඉන්න මගේ මූණ හිමිට දෙපැත්තට කරා.
YOU ARE READING
𝐇𝐞 𝐢𝐬 𝐌𝐲 💚𝐃𝐀𝐃𝐃𝐀❤ ✔️
Fanfiction🌺සෙනෙහසක බැඳුම🌺 ʸⁱᶻʰᵃⁿ 💚ඔයා වැටෙයි බබෝ... ❤මම වැටෙන්නේ නැහැ Dadda.... 💚අහ්...ඒකට කමක් නැහැ. මාව බය නොකර පහලට එන්න. ❤මගේ Dadda ඉන්නකන් කවදාවත් Zhanzhan වැටෙන්නේ නැහැ. 💚මගේ cute bole ව අල්ලගන්න හැම වෙලේම මේ Dadda ඔ...