chapter 2

447 109 3
                                    

ඇත්තටම මන් සයන්ස් කරලා මේ තරු ගැන හොයන පිස්සුවක් තියෙන්නෙ ඇයි කියලා මටම හිතාගන්න බෑ..කොලේජ් එකේ මන් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්..එතකොට ජිමින්ක්සනුත් මන් වගේ වෙන්ඩ ඩොක්ටර් කෙනෙක්...හැබැයි එලීයි පෙට්ටිකටායි නම් මැනේජ්මන්ට් කරන්නේ.. හැබැයි අපි හතර දෙනාම එක දෙයක් කරනවා..ඒ තමයි කොලේජ් එකේ ඇස්ට්‍රෝනොමි ක්ලබ් එකේ ඉන්නවා..අන්න ඒක තමා මායි එලියි දෙන්නා මේ කැලයක් අස්සේ කෑම්ප් යන්න හේතුව උනේ..

මට වගේම එලීටත් තියෙන්නේ අහස ගැන පිස්සුවක්..අපි දෙන්නා ඉතින් ජිමික්සනුයි පෙට්ටිකටායිත් මේකට ඇදලා ගත්තා..උන් දෙන්නා ඇත්තටම කිඹුල්ලු..පෙනුමෙන් දෙන්නා වෙනස් උනාට දෙන්නාටම තියෙන්නේ එකම මරිමොන්ගල් මොලයන් දෙකක්..වැඩත් ඒ හැටි වෙනසක් නෑ.

පෙට්ටිකටා හැන්ඩ්සම්..එතකොට ජිමික්සන් අයියා උනාට හෙනම කියුට්..ආයිශ් මන් මොනවද මේ හිතන්නේ...ජිමික්සන්ගේ කියුට් බලන්න තිබ්බා කෙල්ලෙක් ලග හිටියා නම්..බට්න් එකක් ගලෝගෙන තොලත් හපාගෙන..ඊයි...
හැබැයි වෙන කෙල්ලො ලග කොහොම උනත් ජිමික්සන් මන් ලග නම් ඕනවටත් වඩා කියුට් වෙනවා...ආලී...ආලී ගගා පස්සෙන් එන එක තමා එයාගේ අනිත් හොබි එක..
ජිමික්සනුයි පෙට්ටිකටයි නැති නිසා මේ පාර කෑම්ප් එක නම් පාලුයි..ඒ මදිවට අද අමාවක දවසක්.. වටේම පට්ට කරුවලයි..

එක එක මගුල් හිත හිත කෑම්ප් එකේ මදුරුවෝ කකා නිදාගන්න මන් මහා දැවැන්ත මෙහෙයුමක හිටියත් මට නින්ද ගියේ නම් නෑ..කොහේ නිදාගන්නද ?? හොල්මන් බහුබූතයෝ ඉන්න කැලේක..කොටියෙක්, වලහෙක් වගේ ඇවිල්ලා මාව ඇදන් ගියොත් එහෙම..නිකන් ෆර්ස් කිස් එකක්වත් නැතුව මැරෙන්න වෙන්නේ...අයිගෝ මගේ අසරන ජීවිතේ..

නින්දත් යන්නෙ නැති එකේ මන් ටිකක් නැගිටලා කෑම්ප් එක ලග තියෙන ගග ලගට ඇවිදගෙන ගියා. එලීත් නිදි නිසා තනියම ආවට මොකද හිතේ පොඩි චකිතයක් තිබ්බා මොකෙක් හරි සතෙක් ඇවිල්ලා මාව ඩැහැගෙන යයි කියලා..මොකද හද එලියත් නැති නිසා පරිසරය ඒ තරම්ම කරුවලයි..ඒත් මන් කරුවලට ආසයි..කාටවත් මාව පෙන්නේ නෑනේ එතකොට..

එකපාරටම මට කොල පොඩි වෙන සද්දයක් ඇහුනා..මන් හිමීට ඒ පැත්තට හැරුනේ හිතුවා වගේම මාව කන්න කොටියෙක් හරි , වලහෙක් හරි ඇවිල්ලාද දන්නෙ නැති නිසා...ඒත් එහෙම මොකෙක්වත් පේන්න තිබ්බෙ නෑ...මට සතෙක් කෙදිරිගානවා ඇහුනා..තුවාල වෙලාද සතෙක්ට...

PEGASUS  || JM  || CompletedWhere stories live. Discover now