chapter 8

388 104 4
                                    

සතියක් විතර ගියාත් ජිමින් කොලේජ් ආවේ නෑ..මගේ හිත හැම වෙලේම වද දුන්නා ජිමින්ට මන් කෑ ගහලා කරේ වැරැද්දක් ද කියලා..මන් බැන්නේ මගේ එකම ආදරේට...ටේහ්‍යුන්ගෙන් කොච්චර ජිමින් කෝ කියලා ඇහුවත් එයා මාව මගහරිනවා හැරෙන්න ජිමින් ගැන කිසිම දෙයක් කියන්නේ නෑ..

මන් කෑ ගැහුව එක ඇත්ත...ඒත් එහෙම එකපාරක් කෑ ගැහුවා කියලා එයා කොහොමද එහෙම මගෙන් ඈත් වෙන්නේ ?? හරිනම් වෙනදා වගේ " ආලි තරහ වෙන්න එපා " කියාගෙන එන්න ඕනනේ...ඇයි මෙහෙම හැසිරෙන්නේ ??

ජිමින්ව මතක් වෙන හැමවෙලේකම වගේ මගේ අත ඉබේටම වගේ යන්නේ පපුවේ තියෙන අලුතින් හැදුන පෙගසස් සලකුණ ලගට..මට තේරෙන්නේ නෑ මොකක්ද වෙන්නෙ කියලා...ඒත් ජිමින්ව මතක් වෙලා ඇස්වලට කදුලු එන හැමවෙලෙකම සලකුණ රත් වෙනවා වගේ මට දැනෙනවා..ඒත් ඇල්ලුවාට අතට රස්නයක් දැනෙන්නේ නෑ...මහ පිස්සුවක්...

අද එලීත් නැති නිසා මන් කැෆටේරියා එකේ තනියම ගියේ හවසටවත් ලෙක්චරස් වලට ජිමින් එයි කියන බලාපොරොත්තුවෙන්...මන් හිතුවා වගේ ම එයා අද ආවා.. හැමෝම කෙල්ලො කොල්ලො කියලා වෙනසක් නැතුව කෑ ගහනකොට මගේ ඇස් ගියේ ඒ මැද්දෙන් ඇවිදගෙන එන ජිමින් ලගට...

එයා වෙනස් වෙලා...කොන්ඩේ කලර් එක වෙනස් වෙලා..මන් අන්තිමට දකිනකොට බ්ලැක් කලර් කොන්ඩයක් තිබ්බාට ඒක දැන් brown colour.. මොන කලර් එක උනත් ජිමින්ට ඒක හොදටම ගැලපෙනවා..එහෙම වෙන්න එපැයි...ඒ මගේ චිම්නේ..මගේ චිම්ට මේ ලෝකේ ඕනෙම කලර් එකක් ගැලපෙනවා...

මන් ජිමින් දිහා බලාගෙන ඉන්නවා දැකලා එයත් මන් දිහා එකපාරටම බැලුවා..ඒ ඇස්...තප්පර ගානකට මගේ ඇස්ලග නතර වෙනකොට ජිමින්ගේ වෙනදා ඇස්වලින් පෙනෙනවාට වඩා වෙනස්ම හැගීමක් මට දැනුනා...ඒක මොකක්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරාත් මට ඒක මොකක්ද කියලා තේරුනේ නෑ..ඒක හරියට දුක, සතුට, ආදරේ, කේන්තිය හැමදෙයක්ම මික්ස් වෙච්ච හැගීමක් වගේ...ඒත් ඒ ඇස් හරිම ලස්සනයි..දිලිසෙනවා..

ටික වෙලාවක් මගේ ඇස් එක්ක කතා කරලා එයා යන්න හැරුනා..මට මුහුන දෙන්න බෑ වගේ හැගීමක් මට එයාගේ මූනෙන් පෙනුන නිසා මන් ම මුලින් එයාට කතා කරා..කොහොමත් මන් නේ එයාට බැනලා හිත රිද්දුවේ..මන් කොච්චර නපුරු කතා කිව්වාද එයාට...

PEGASUS  || JM  || CompletedWhere stories live. Discover now