chapter 25

291 77 2
                                    

" පෙගසස් !! ඔවුන් කවුරුත් මෙතන නෑනේ.."

හැමෝම හිටියේ කැලෑවෙන් වට උන තැනිතලා බිමක...රාත්‍රිය නිසාමත් හොදින් වැඩුනු ගස් නිසාමත් පිටතින් බලන කිසිම කෙනෙක්ට මේ තැනිතලාව පේන්නෙ නෑ..

සියලු දෙනාම සූදානම් පිට කාල දොරටුව සොයා ආවත් ලුසිෆර්ගෙවත් ඔහුගේ ගෝලයන්ගේවත් කිසිම සාක්ෂියක්වත් එහි තිබුනේ නෑ..ඔවුන් හිතපු විදියට කිසිම කෙනෙක් නැති එක ගැන අනිත් අය කලබල උනත් පෙගසස් නම් කිසිම කලබලයක් නැතුව සිටියා..ඒක සාමාන්‍ය දෙයක්..පෙගසස් කියන්නේ වැඩිය කලබල වෙන කෙනෙක් නෙමෙයි..

" ඇයි ඔබලාගේ බලය පාවිච්චි කරන්නේ නැත්තේ ?? අදුරු මායාවන්ගේ ශක්තිය ඔබලාගේ ඉවට දැනේවි..."

" එත් අපි තාමත් ඉන්නේ මිනිස් ලෝකේ පෙගසස්!! අපිට අපේ බල පාවිච්චි කරන්න තහනම්.."

නම්ජුන් ටිකක් නොරිස්සුම් හඩකින් කියනකොට ජිමින් පුංචි කට කොනේ හිනාවක් දැම්මා..

" එහෙනම් අපේ ලෝකෙට යමු..ඒත් මතක තබා ගන්න අපත් සමග අදුරු මායාවත් අපේ ලෝකෙට ආවොත් ඒක ඔයාලගේ ජිවිත වලටම විතරක් නෙමෙයි හානියක් වෙන්නේ...හැංගිලා ඉදන් ලුසිෆර් උනත් බලාපොරොත්තු වෙන්නේ ඒකමයි කියලා මන් හිතනවා..."

ජිමින් සන්සුන්ව කියලා කාල දොරටුවේ යතුර සොයා යාමට ඉස්සරහට අඩිය තිබ්බාත් ජන්ග්කුක් ජිමින්ගේ අතින් අල්ලලා නැවැත්තුවා.

" අපි නීති කැඩුවොත් මොකක් වෙයිද ?? "

ජන්ග්කුක්ගේ ප්‍රශ්නෙට ජිමින්ගෙන් හම්බුනේ පුංචි හිනාවක් විතරයි...

" හරි වෙන ඕනම දේකට මුහුන දෙමු...වැඩිමලා විදියට එහෙනම් මුලින්ම මන්.."

ජිමින්ගේ හිනාව තේරුම් ගත්ත ජින් වටයක් කැරකිලා ලොකු හුලං පහරක් එක්ක එයාගේ ඇත්ත ස්වරූපයට ආවා..ජින් කියන්නේ වෘකෂ ලතාවන්ට අධිපතිනියගේ පුතෙක් නිසා ජින් ඇත්තටම පුංචි මලක් වගේ...දේව ස්වරූපයෙන් ඉන්න ජින්ගෙන් ඇස් අහකට ගන්න කිසිම කෙනෙක්ට බැරි උනා..එයාලා අවුරුදු අටකට පස්සෙයි එයාලගේ ඇත්තම ස්වරූපයට එන්නේ..

PEGASUS  || JM  || CompletedWhere stories live. Discover now