chapter 23

302 78 14
                                    

After week

මේ සතියට හුගක් දේවල් වෙනස් උනා..ජිමින් කෙනෙක්ට එකපාරක් දෙපාරක් නෙමෙයි සියපාරක් උනත් බලන්න තරම් ලස්සනයි...ජිමින්ට එයාගේ බලය ලැබුන නිසා මෙච්චරකල් අවපැහැ වෙලා තිබ්බ හම රන්වන් පාටින් දිලිසෙනවා...තොල් නා දලු වගේ..දිලිසෙන ඇස් කලු ඇස් දැන් නිල් පාටයි...

එතකොට ආලියා !!

හැමෝම හිතුවත් ජිමින්ගේ බලය ආලියාගේ ඇගෙන් අයින් උනාම ආලියා දුර්වල වෙයි කියලා ඒක එහෙම උනේ නෑ..මොකක් ම හරි හේතුවකට ආලියා තාමත් හිටපු විදියමයි..ඉස්සර වගේම තාමත් ආලියාට අනිත් අයගේ බලයන් කලින්ටත් වඩා හොදින් පාලනය කරන්න පුලුවන්..ජිමින්ගේ බලය කෙල්ලගේ ඇගෙන් අයින් වෙලත් කෙල්ලට බලයක් තියෙන නිසා හැමෝටම ප්‍රශ්නයක් උනේ කෙල්ල ඇත්තටම කවුද කියන එක...

එයා කාගේ කවුද ??

මේ නිසාම සතිය පුරාවටම හැමෝම එයාලගේ බලයන් කෙල්ලට විරුද්ධව පාවිච්චි කරලා බැලුවත් ඒ කිසිම කෙනෙක්ට කෙල්ලට විරුද්ධ වෙන්න බැරි උනා...ඒ වගේම එයාලා කාටවත් කෙල්ල කවුද කියන එක හොයාගන්නත් බැරි උනා...හැමෝම පැරදුනාට පස්සේ ඔන්න අද තමයි ජිමින්ගෙයි කෙල්ලගෙයි බැට්ල් එක..

කොල්ලෝ ටික එලීගේ පැත්තටත් කෙල්ලො ටික ජිමින්ගේ පැත්තටත් බෙදිලා චියර් කරනවා..ගේ ඇතුල එකම යුද්දයයි..ජිමින් වතුර පාලනය කරලා එවනකොට කෙල්ල ඒ වතුර පාර එහෙම්ම ජිමින්ගේ පැත්තට යවනවා..ජිමින් පස් , මැටි , ගස්, කොට්ට මෙට්ට ආදිය ඔක්කොම වගේ එව්වාට කෙල්ල හරි ලස්සනට ඒවා එයාගේ වදින්නේ නැති වෙන්න අයින් කරනවා..සමහර ඒවා ජිමින්ගේ පැත්තටම යැව්වාත් තව දේවල් ජිමින්ට තුවාල වෙන නිසා වෙන පැත්තකට විසික් කරලා යැව්ව නිසා වට පිටාවෙ ඉන්න අයටත් ඒවාගෙන් බාධාවල් උනා..

විශේෂයෙන්ම ,
අයිනක නිදන් හිටපු යූන්ගියා වතුර පාරක් කෑමට ලක් වීම...එවපු මල් පෝච්චියක් ගිහින් හොබිගේ ඔලුවේ වැදීම...ටේගේ ටැනියාගේ බෙට්ටක් ගිහින් යොන්ජුන්ගේ මූනේ වැදීම..හුලන් පාරට දියා විසික් වෙලා ගිහින් අහක හිටපු නම්ජුන්වත් පෙරලගෙන ජින්ගේ අලුත්ම පිගන් සෙට් එක කුඩු කිරීම..නම්ජුන්ගේ අලුත්ම බොන්සායි පැලේ ගිහින් කායිගේ ඔලුවේ පැල වීම..මවපු ගිනි බෝලයක් ගිහින් බෝම්‍යුගේ පස්සේ වැදිලා පස්ස ගිනි අරන් ගේ වටේම දුවලා ගේ විනාස කිරීම ආදි එකී නොකී අතුරු ආබාධ අස්සේ කොහොම හරි කෙල්ල ජිමින්වත් පැරැද්දුවා...

PEGASUS  || JM  || CompletedWhere stories live. Discover now