chapter 3

412 109 9
                                    

" මොනවද ආලියා කල්පනා කරන්නේ ?? "

" පෙගසස් ගැන "

" මෝ ?? 😳😳 "

මන් එහෙම ඇහුවම ජිමික්සන්ගේ මූන බලන්න වටිනවා..ඇසුත් ලොකු වෙලා කොල්ලාට දාඩියත් දානවා..හරියට නිකන් මන් යකෙක්ගේ නමක් කිව්වා වගේ...

" මොනවා ගැනද ආලියා කියන්නේ..හීනයක් ගැනද ?? "

මුකුත් නොවුන ගානට ආයි මූන හදාගෙන ආයි නිකන් මලපෙරේතයෙක් දිහා බලනවා වගේ මන් දිහා බැලුවා..

" හීනයක් තමයි...හැබැයි නිකන් ඇත්තට උනා වගේ..."

මන් එහෙම කිව්වාම මෙන්න එපාර මූ හිනා වෙනවා..මරන්න හිතෙනවා දැන් නම්..

" මොකද හිනා වෙන්නේ ?? "

" ආලියා උබට පිස්සු...ඩොක්ටර් කෙනෙක් වෙන්න නේද ඉගෙන ගන්නේ...පෙගසස්ලා කොහෙද මේ ලෝකේ ඉන්නේ "

" හරි ඉතින් මන් එයාල ඉන්නවා කිව්වේ නෑනේ චිම්.. මන් කිව්වේ මන් හීනෙන් දැක්කා කියලා විතරයිනේ"

චිම් ?? ඇයි මන් ඒ නම කිව්වේ...එයා දන්නවා මන් එයාට ඒ නම ලේසියෙන් කියන්නේ නෑ කියලා..එයාට චිම් කියලා කියන වෙලේට මගේ පපුව අසූහාරදාට ගැහෙනව...
ඒත් මන් ඒක එයාට දැනෙන්න දුන්නේ නෑ..චිම් කියන්නේ මට අල්ලන්නවත් බැරි මිරිගුවක්..හැබැයි ජිමික්සන් හැමදාම මගේ...ඔව් මගේ..මගේ හොදම යාලුවා..

" අරස්සෝ..අරස්සෝ...දැන් ඔයා මොනවද දැක්කේ "

මන් ඊට පස්සේ මන් දැක්ක හැමදේම ජිමික්සන්ට කිව්වා..මූ නිකන් ෆිල්ම් එකක් ගැන කියනවා වගේ සීරියස් මූඩ් එහෙකින් අහගෙන ඉදලා අන්තිමට ආයි හිනා වෙන්න පටන් ගත්තා.

" උබට නම් පිස්සු ආලියා...හීන ලෝකවල ඉන්න එපා"

" ඒත් එයාගේ ඇස්...හරියට..හරියට ඔයාගේ වගේ. "

මන් එහෙම කිව්වාම කොල්ලා බය වෙලා මගේ මූන බැලුවා..ඒ බය උන ඇස් දැක්කාම මට මතක උනේම හීනෙන් දැක්ක පෙගසස්ගේ බය උන බෝල නිල් පාට ඇස්...මටත් නොදැනි මගේ අත එයාගේ ඇස්වලට ගියා..මන් එයාගේ ඇස් අල්ලුවාම එයත් හිමීට ඇස් වහගත්තේ හරියට ඒ හැගීම විදින්න ඕන වගේ..

PEGASUS  || JM  || CompletedWhere stories live. Discover now