chapter 12

406 94 9
                                    

මෙතන ඉදන් අතීත කතාව යන්නේ..
එයාල හැමෝම එකතු උනේ කොහොමද වගේ හැම ප්‍රශ්නෙකටම උත්තර හම්බුවෙයි..

හුගක් අතීතය නිසා ටිකක් ලිඛිත භාෂාවට මන් ලියන්නේ 😁

............................................................................................

අතීතය
ක්‍රි.ව. 200 - 300 වකවානුව
ග්‍රීක රාජ්‍යය

Author pov.

අතීතයෙ මුලු රාජ්‍යයම තිබ්බේ දෙවියන්ට අධිපති වූ සියුස් දෙවියන්ගේ භාරවයි..ඔලිම්පියාව කියන්නේ බොහෝ සුන්දර රාජ්‍යයක්..දෙවියන්ට පමනක් උරුම වූ ඔලිම්පියාවට සාමාන්‍ය අයට ඇතුලු විය නොහැක.

දෙවිවරු වුවත් ඔලිම්පියාවෙ ඉන්න හැම දෙවි කෙනෙක්ම දෙවිවරුම නොවූවාය..ඇතැමුන් දෙවිවරුන්ගේ වෙස් ගත් රාක්ෂයන් බදු හිත් ඇත්තන් වූහ..

අද දේවසභාවම කැළබිලා..එසෙ නොවී කෙසේද.. සීයුස් අතින් වූ වැරැද්දක් නිසා මේ වෙනකොට කිසිදා සකස් කල නොහැකි දෙයක් සිදුවෙලා..සියලු දෙවිවරුන් ඉන්නේ කෝපයටත් වඩා බියෙන්..

" සීයුස් උතුමාණනි..පෙගසස්ව එක්වර නිහඩ නොකර ඔබතුමා සිදු කිරීමට ගිය දේ නිසා විශ්වයේ දොරටුව බිද වැටිලා..දැන් අප කුමක්ද කරන්නේ "

පොසයිඩන් විසින් පැවසූ වදන් හමුවේ සීයූස් ඔහු දෙස ඔරවා බැලුවේ මදක් කෝපයෙන්.

" පොසයිඩන්...අමතක කරන්න එපා පෙගසස් කියන්නේ ඔබේ පුතෙක්..අනෙක ඔහු කරුණාවන්ත දෙවිකෙනෙක්..කෙසේද ඔබ මෙලෙස ඔහු ගැන පවසන්නේ.."

සීයුස්ගේ කෝපාන්විත වදන් හමුවේ පොසයිඩන් ඇතුලු දේව සභාවම නිහඩ වුවත් සැරින් සැරේ වදින සැර අකුණු නිසා සීයුස් නම් තවමත් කෝපයෙන් බව මුලු ඔලිම්‍පියානු රාජ්‍යයටම පසක් විය..

" උතුමාණනි...ඇය උපන්නා..."

බයෙන් බයෙන් රාජසභාවට පැමිණි සේවිකාවක් පවසන විට සීයුස්ගේ වගේම ඇපලෝගේ මුහුනේ ඇති වූයේ සෙනෙහබර සිනහවක්..

" සීයුස් උතුමාණනි , කවුද උපන්නේ ?? "

එරීස්ගේ නොඉවසිලිමත්කම ඉස්සර වෙනකොට සීයුස් ඇපලෝ දෙස බලා අනාවැකිය පවසන ලෙස අන කරා.

PEGASUS  || JM  || CompletedWhere stories live. Discover now