chapter 24

313 79 6
                                    

" පෙගසස් !! "

" උ...උතුමාණනි..."

ජිමින් එක දනහිසක් නවලා පහත් වෙලා ඔලුව පහත් කරාම සීයුස් ඒ දිහා හිනා වෙලා බැලුවා..ජිමින්ගේ කටහඩටත් එයාලා හැරෙන්න ලොකු ශක්තියක් තියෙන කෙනෙක් ගෙදර ඉන්නවා කියලා දැනුන නිසා හැමෝම පහලට ආවත් ටේහ්‍යුන්ට හැරෙන්න එයාලට ඇත්තටම ඉන්න කෙනාව හරියටම අදුරගන්න බැරි උනා...මොකද මිනිස් වේශයෙන් එයාව දැකලා තියෙන්නේ ටේහ්‍යුන් ජිමින් විතරයි..ඒකත් එදා ජිමින්ව සුව කරපු දවසෙයි..

" උතුමාණනි "

ටේහ්‍යුනුත් ජිමින් වගේම දනහිසක් නවලා පහත් උනාම කවුරු උනත් ජිමින් ඔලුව නවනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රධාන කෙනෙක් නිසා හැමෝම පහත් වෙලා ආචාර කරා...ඒත් කෙල්ල නම් තාමත් ඒ විදියටම ඉදගෙන බලාගෙන හිටියේ ඇසුත් බෝල කරගෙන පුදුම වෙලා..

" නැගිටින්න දරුවනි..පෙගසස්..ක්‍රයිසර් ඔබලා පලවෙනි රාජකාරිය අකුරටම ඉටු කරා එහෙනම් "

" අපිට සමාවෙන්න උතුමාණනි..ඒත් මන් තාමත් ප්‍රෙහෙලිකාව හරියටම සම්පූර්ණයෙන් අවසන් කර නොමැත.."

" ක්‍රයිසර්...ඔබ ප්‍රෙහෙලිකාව සම්පූර්ණ කර අවසානයි කොල්ලෝ.."

" ඒත් මා තාවම සොයාගත්තේ නෑ ඇත්තටම එයා කාගෙ කවුද කියලා..නේරෝ පෙති හත පොසයිඩන්ට්ගේ දරුවෝ...ඉලිප්සියොස් සර්පිල පහ ඇපලෝගේ දරුවෝ...ෆෙන්ගාරි කව තුන ආර්ටේමියස් දෙවගනගේ දරුවෝ...ඒත් අකුණින් උපන් තැනැත්තිය ?? ඒ බට්ටි කියලා දන්නවා උනාට එහෙම කියන්නේ ඇයි කියලා මා තවම සොයාගෙන නැත සීයුස් උතුමාණනි.."

ටේහ්‍යුන් ඔලුව පහත් කරන් කියනකොට මෙච්චර වෙලා එයාලා ඉස්සරහ ඉන්නේ සීයුස් කියල දැනගත්තාම හැමෝගෙම ඇස් පුදුමෙන් ලොකු උනා..

" සි..සියුස් !! "

" ඔව් පුංචි සුරදූතයෝ...මන් ඔබලාගේ සීයුස් තමා..."

ජන්ග්කුක් ඇස් බෝල කරන් එයාට ඇහුන දේ හරිද බැලුවාම මියුන්ග්සෝ හයියෙන් හිනා උනා...මෙච්චර වෙලා වැස්සක පෙර නිමිත්තක්වත් නොතිබුනු අහසේ මියුන්ග්සෝ හිනා වෙනකොට අකුණක් දෙකක් කෙටුවාම බය උන කෙල්ල දුවලා ඇවිල්ලා ජිමින්ගේ ඇග අස්සේ හැංගුනා..කෙල්ල අකුණුවලට බයයි කියලා දැක්කාම මියුන්ග්සෝට තව හිනා ගියා..

PEGASUS  || JM  || CompletedWhere stories live. Discover now