" බලන්න..ඉදිරියෙන් තියෙන්නේ සුරයන්ගේ මාලිගය.."
නම්ජුන් පැවසුවේ ඉදිරියේ පැවති සුන්දර මාලිගාව දෙස බලා මදක් නොසන්සුන් හඩකින්.
" වාහ් නියමයි...ඉක්මන් කර අපි යමු..ඔවුන් අපිට පෙගසස් මේ කන්දේ සිටින තැන සොයාගැනීමට උදව් කරයි.."
" ඔබ හට කුමක් හෝ මානසික ආබාදයක් තිබෙනවාද ජින් හ්යුන්ග්....ඔබයි මේ චූටි සුරදූතයයි නම් ඇතුලට යයි..ඒත් අපි..ඩීමන් කෙනෙකුයි, වැම්පයර් කෙනෙකුයි, වෘකයෙකුටයි සුරයෝ ලගට යන එක ලේසි නෑ..."
" ලේසි නෑ නෙමෙයි නම්ජුන්..ඒක කරන්න බෑ..අප එහි ගියහොත් සුරයන්ගේ ශක්තියට අපි අලු වෙලා යයි.."
හොබි මූනත් හකුලුවන් බිම වාඩි වෙනගමන් එහෙම කියනකොට හැමෝම තැන් තැන් වලින් වාඩි උනේ ඊලගට කල යුතු දේ කුමක්ද කියලා සිතාගත නොහැකිව.
" දැන් අපි කුමක්ද කරන්නේ ?? "
" මෙච්චර දුර යනකම් ඔබනේ අදහස් දුන්නේ නම්ජුන්..ඉතින් මෙයටත් ඔබම විසදුමක් සොයාගන්න "
ජින් මදක් නෝක්කාඩු ස්වරූපයෙන් එලෙස පවසනකොට නම්ජුන් කරේ ඉක්මනට ඔවුන්ට නිශ්ශබ්ද වෙන ලෙස සන් කරපු එක..නම්ජුන්ගේ ඉගිය තේරුම් ගත් සියලු දෙනා හිමීට ගස් අතර හැංගෙන ගමන් හොදින් ඇහුම්කන් දුන්නේ ඒ දෙසට පැමිනෙන පස් දෙනෙකුගේ කටහඩට..
" තව දුරද...මගේ කකුල් තිබේද කියාවත් මට නොදැනේ.."
" ඔබ එලෙස පවසා හොරාවකට කලිනුත් විවේකයක් ගත්තා බොමි...දැන් නහයෙන් අඩන එක නවතා ඉක්මන් කර පැමිනෙන්න.."
" මට නොහැකි...යොන්ජුන් අයියන්ඩි..මාව උස්සගෙන යන්නකෝ..."
" ඔබට මාව කුලු හරකෙක් මෙන් පෙනේද ?? විකාර නොකර ඉක්මනට පැමිණෙන්න..මෙතනින් බාලයම උන කායිවත් ඔබ තරම් අපට වද දෙන්නේ නෑ.."
යොන්ජුන් ටිකක් සැරෙන් පවසන විට බොම්ග්යු ගස්සගෙන අනිත් පැත්ත සැරිලා එතනම බිම වාඩි උනා..
" ඔබලාට ඕන නම් ඔය කියන පෙගසස් සොයා යන්න..මන් තවත් නම් මෙතනින් අඩියක් හෙල්ලෙන්නේ නෑ..."
YOU ARE READING
PEGASUS || JM || Completed
Fantasyවලාකුළු පෙලින් බසින්න ඇවිත් මල් ගැඹේ නිදන්න චන්ද්ර කුමරුනේ කාටද නුඹගෙ ආදරේ අසාවී මෙසේ තුන්යම දිලී තාරුකා මල් දම ...