chapter 9

423 105 8
                                    

" ආලියා...ඒ..ඒ සලකුණ "

ජිමින්ගේ පුදුම උන ඇස්වලින් මට හිතුනේ එයා මේ සලකුණ ගැන දන්නවා කියලා..එයා බය උනේ නෑ.. නිල් පාටින් දිලිසෙන සලකුණක් දැක්කාම සාමාන්‍ය මනුස්සයෙක් නම් බය වෙනවා...ඒත් එයා බය උනේ නෑ..එයා පුදුම උනා...ඊට පස්සේ එයාගේ ඇස්වල තිබ්බ ලස්සන හිනාවක්..හරියට හුග කාලයක් හොයපු දෙයක් හම්බුනා වගේ..

" එ..එක ගැ..ගැන ඔයා දන්නවාද චිම්...ඒක පිච්චෙනවා...මට ඉන්න බෑ චිම්...මේක මහ පිස්සුවක්...ඇයි මෙහෙම වෙන්නේ...කියන්න චිම්.. ඔයා දන්නවා නේද ?? "

මන් එහෙම ඇහුවාම එයා අමුතු විදියට හිනා වෙලා එකපාරටම මාව ඇදලා අරන් එයාගේ ඔඩොක්කුවට අරන් මට ආයි වචනයක්වත් කියන්න වෙලාවක් නොදී මගේ තොල් වලට බර උනා..

චිම් කිසිම ගානක් නැතුව මගේ තොල් මාරුවෙන් මාරුවට උරනකොට මට කවදාවත් නැතුව ඒ හාදුවෙන් ලොකු ආදරයක් සෙනෙහසක් ආරක්ෂාවක් දැනුනා...මන් දන්නේ නෑ මට දැනෙන ඒ හැගීම හරිද කියලා..ඒත් මන් ඒ හැගීමට ආසයි... එදා වගේ චිම්ව තල්ලු කරලා දාන්න මගේ හිත ඉඩ දුන්නේ නෑ...එයා මට ආදරේ කරත් නැතත් මන් එයාට ආදරෙයි...ඒ නිසා මට ඕන උනා එයාගෙන් ලැබෙන පොඩි දේ උනත් හරි පරිස්සමට තියාගන්න...

ඒ නිසා මාත් මගේ අත් චිම්ගේ බෙල්ලෙ වටේ යවලා හාදුවට ප්‍රතිචාර දැක්වූවා..මන් එහෙම කරනකොට වෙනදා වගේම කට කොනේ හිනාවක් දානවා මට දැනුනා..

වල් පාත්තයා...

ජිමින් හාදුව ටික ටික රලු කරන ගමන් එයාගේ අත හිමීට මගේ පපුවට අරන් ගියා..එයාගේ ස්පර්ශයෙන් මාව ගැස්සුනත් මට ඕන උනේ නෑ එයාගේ අත අයින් කරන්න...චිම් පරිස්සමින් සලකුණ උඩ හිමීට අතගානකොට ඒ චුටි ඇගිලි පපුව පුරා යනකොට ඇග දිගේ කරන්ට් එකක් යනවා වගේ දැනිලා මගේ හැගීම් ඇවිස්සුනත් සලකුණ රිදෙන එක ටික ටික අඩු උනා..

මගේ උඩු තොලයි යටි තොලයි මාරුවෙන් මාරුවට සෙල්ලම් කරලා අන්තිමට ජිමින් අපි දෙන්නාටම හුස්ම ගන්න අමාරු වෙනකොට හිමීට අයින් උනා..

" දැන් රිදෙන්නේ නෑ නේද මැණික 🥺🥺 "

ජිමින් මගේ මූන ලග ඉදන් එයාගේ හුස්ම වදින නොවදින ගානට එහෙම අහනකොට මන් කරේ ඔලුව උඩට පහලට කරපු එක විතරයි...මගේ මූන එන්න එන්නම රතු වෙනකොට ජිමින් හිමීට මගේ කම්මුල් ඇල්ලලා හරිම ආදරෙන් අතගෑවා..

PEGASUS  || JM  || CompletedWhere stories live. Discover now