Chapter 01

388 88 11
                                    

𝐁𝐞𝐥𝐢𝐞𝐯𝐞 𝐌𝐞 ❣️💍

   " අහසක් වගේ දුක් දරාගන්න..
          දවසකටවත්..මට ආදරෙයි කියනවද.. "

BY
ShE JooNi 💝

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

' කැමීලියා.. මේ ලෝකේ කොච්චර මල් තිබුනත් මම කැමීලියා මලට තදින්ම බැදුන කෙනෙක්.. රෝස පාට කැමිලියා මල හැමදාමත් වගේ මගෙ ආදරේට නිර්වචන එකතු කරනවා.. මටත් නොදැනිම.. '

හොදටම මත් වෙලා දින පොතේ අවසාන පිටුවෙ පුංචි වදනක් ලියපු හෝසොක් ආයෙමත් ඒ පොතේ පිටු අතරේ ඇස් යැවුවේ වේදනාවෙන්.. ඒත් ඊළග තප්පරේ ඒ වේදනවා හුස්මක් එක්ක පිට කරලා.. ලග තිබුන විස්කි වීදුරුව අරන් ඇවිදගෙන ගිහින් නැවතුනේ හැමදාමත් නවතින තැන..

පණ නැති පිංතූරයක් දිහා බලන් හිටපු හෝසොක් අතේ තිබුන විස්කි වීදුරුව එක හුස්මට බීලා ඊට එහා පැත්තෙ තිබුන වීදුරු කවුළුව ගාව නතර උනේ විස්කි බෝතලයම අතට ගන්න ගමන්..

" ඔයාට දීපු එක පොරොන්දුවක් අදින් ඉවරයි.. ඒත් ඔයා.... "

තමන් විතරක් ඉන්න හිස් ගෙදර තමන්ටම කියාගත්ත හෝසොක් අමු අමුවෙම විස්කි බෝතලෙන් බාගයක්ම බීගෙන ගියෙ නහරවල් වලට පවා ඒ රස්නේ දැනෙන්න..

පහුවදා උදේම නැගිටලා ලෑස්ති උන හෝසොක් වෙනදා වගේම ඔළුවට දැනුන බර ගතිය එක්ක ඔෆිස් එකට ගියා..

ජන්ග් හෝසොක්.. වයස 30ක් උනත් ඒ කඩවසම් මූණට වශී නොවුන කෙනෙක් නැති තරම්.. බිස්නස් ලෝකේ ඉහළින්ම තිබුන SP Group එකේ එක පැත්තක් උන SP C&C බිස්නස් එක හෝසොක් තනියම හැඩ්ල් කලේ කාටවත් යටත් නොවි.. ඒ නිසාම හැමෝම අතරේ හෝසොක් කැපි පෙනුනා වගේම හෝසොක්ව වට්ටන්න උත්සහ කරන අයත් හිටියා..

ඒත් ඒ හැමෝටම රහසක් උනේ SP Group එකේ සභාපති උන කිම් සියොක් පිල් අතරත් SP C&C එකේ මැනේජර් උන හෝසොක් අතරත් තියෙන සම්බන්ධය.. කිම් සියොක් පිල්ගේ විශ්වාසවන්තම සේවකයා උනේ හෝසොක් නිසා එයාට තරහාකාරයො වැඩි උනා.. ඒත් හෝසොක්ගෙ මූණට කිසිම දෙයක් කියන්න කාටවත්ම බැරි උනේ කිම් සියොක් පිල්ටත් වඩා ජන්ග් හෝසොක් කියන්නෙ තද චරිතයක් නිසා..

❣️  𝐁𝐞𝐥𝐢𝐞𝐯𝐞 𝐌𝐞 ❣️ || ᴊʜs || ✅✅Where stories live. Discover now