Chapter 14

211 66 8
                                    

𝐁𝐞𝐥𝐢𝐞𝐯𝐞 𝐌𝐞 ❣️💍

" අහසක් වගේ දුක් දරාගන්න..
දවසකටවත්..මට ආදරෙයි කියනවද.. "

BY
ShE JooNi 💝

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

" ජෝන් රායා කොහෙද කියලා බලන්න.. Hurry Up.. "

රායාගෙ රූම් එකෙ ඉදන් හෝසොක් කාටද මංදා කෝල් කරලා කියන දිහා සියොක් පිල් වගේම නැනෝ අම්මා බලන් හිටියෙ වේගෙන් ගැහෙන පපුවට අතත් තියාගෙන..

" සනා.. CCTV වල රායා ඒ ටැක්සි එකක නැගලා කොහෙද යන්නේ... මේ ළමයි අපි වයසයි කියලා වත් හිතන්නෙ නෑ නැනෝ අම්මා..  "

සියොක් පිල් වේදනාවෙන් කියලා රායා හිටපු කාමරේ ඇද උඩින් ඉදගත්තා.. නැනෝ අම්මත් හිටියෙ බයෙන් කියලා හෝසොක්ට තේරුනා.. හෝසොක් ඉදගෙන හිටපු තැනට ගිහින් එතනින් දන ගහ ගත්තම සියොක් පිල් වගේම නැනෝ අම්මත් කලබල උනේ හෝසොක් කවදාවත් නැතුව අද අමුතු විදිහට හැසිරෙන නිසා..

" ආබොජි.. බය වෙන්න එපා.. ජෝන් කියන්නෙ මගෙ මනුස්සයෙක්.. මම රායාව ඉක්මනින් හොයාගෙන එන්නම්..  රායාව ඒ තත්වෙට පත් කරපු වැරදි කාරයා මම.. මම පොරොන්දු වෙනවා.. එයාව එක්කන් එන්නම්.. "

සියොක් පිල්ට ආචාර කරලා නැනෝ අම්මා ගාවට ආපු හෝසොක් එයාට කිව්වෙ සියොක් පිල්ව එක්කගෙන ගෙදර යන්න කියලා.. 

" සනා.. "

කාමරෙන් එළියට යන්න හදපු හෝසොක් ආයෙත් හැරුනෙ සියොක් පිල් කතා කරපු නිසා..

" පරිස්සමෙන්.. "

සියොක් පිල් අන්තිමට කියපු වචනෙ හෝසොක්ට වාහනේ ඩ්‍රයිව් කරන ගමනුත් මතක් උනා.. රායාව මැරි කරනවට හෝසොක්ගෙ තාත්තා තදින්ම විරුද්ද උනත් සියොක් පිල් හෝසොක්ට සැලකුවෙ එයාගෙම පුතෙක් වගේ.. රායාට මෙච්චර රිද්දලත් රායා වගේම රායාගෙ ආබොජිත් තමන්ට ආදරේ කරන විදිහ දැක්කම හෝසොක්ට බර හුස්මක් පිට උනා..

" ජෝන් තමුසෙ හොයාගත්තද.. "

" ....... "

" ආයිශ් ෆෝන් එක ට්‍රැක් කලාට වැඩක් නෑ.. රායාගෙ ෆෝන් එක මගෙ කාර් එකේ.. "

❣️  𝐁𝐞𝐥𝐢𝐞𝐯𝐞 𝐌𝐞 ❣️ || ᴊʜs || ✅✅Where stories live. Discover now