Chapter 06

212 68 8
                                    

𝐁𝐞𝐥𝐢𝐞𝐯𝐞 𝐌𝐞 ❣️💍

    " අහසක් වගේ දුක් දරාගන්න..
          දවසකටවත්..මට ආදරෙයි කියනවද.. "

BY
ShE JooNi 💝

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

" මිස්ටර් සියොක් පිල්.. රායා ගැන අයිතිය තියෙන්නෙ මට.. මම එයාව ඔයාට ගාව ඉන්න දීලා පැත්තකට උනේ.. මම එකා පාර කිසිම වේදනාවක් නැතුව එයාව මරලා දායි කියන බයට.. ඔයා කරපු ලොකුම වැරැද්ද එයාව ආයෙත් ගෙනල්ලා මගෙ ඇස් ඉස්සරහින්ම තියපු එක..  නෑ.. නෑ.. බය වෙන්න එපා.. මම එයාට එක පාරට ගිනි ගොඩට දාලා අලු කරන්නෙ නෑ.. මම එයාගෙ අගලෙන් අගල පුච්චලා අළු කරලා දාන්නෙ.. ඔයා හිතනවා නම් මම තාම රායාට ආදරෙයි කියලා.. මේ තමා මගෙ ආදරේ.. මම මගෙ ආදරණීය වයිෆ්ට දෙන ආදරේ.. "

සියොක් පිල් හෝසොක් එක්ක කතා කරපු හැමදේම එතන දොර ගාව හිටපු නැනෝ අම්මා අහගෙන හිටියෙ හීනෙන් වගේ.. ඒත් හෝසොක් අන්තිමට කියපු වචන ටිකට නැනෝ අම්මගෙ අත වෙව්ලන්න ගන්නකොට අතේ තිබ්බ කෝපි බන්දේසිය බිම වැටිලා බිදිලා ගියෙ හෝසොක්ගෙත් රායාගෙත් බැදීම වගේ..

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

" ජී හුනා.. මොකො බර කල්පනාවක.. "

හන් සන්ගූ විස්කි වීදුරුවට අයිස් දාන ගමන් ඇහුවෙ ක්ලබ් එකට ආවත් ජී හුන් අද ඉන්නෙ හොද මූඩ් එකක නෙමේ කියලා පෙනුන නිසා..

" ජී හුනා... "

හන් සන්ගු දෙවනි පාරටත් ජී හුන්ට කතා කරේ කවදාවත් ජී හුන් මේ විදිහට මූඩ් ගහලා ඉන්නවා හන් සන්ගු දැකලා නැති නිසා..

" සන් ගුයා.. අද මගෙ මූඩ් එක හරි නෑ.. "

" ඒක ඉතිං උඹව දැක්කම ඕන එකෙක්ට තේරෙනවා.. ඉතිං.. දැන් මොකො උබේ මූඩ් එකට උනේ.. "

" මේ මිනිස්සු මට නිදහසේ ඉන්න දෙන්නෙ නෑ බං.. "

අතේ තිබුන විස්කි වීදුරුව තද කරලා අල්ලගෙන ජී හුන් කිව්වෙ තරහෙන්.. 

" හරි ඉතිං මොකද්ද උනේ කියපංකෝ.. "

" ආබොජි මට ඔප්ශන් දෙකක් දුන්නා.. එකක් එයා ගේන ප්‍රපෝසල් එකට කැමති වෙන්න ඕනේ ඒ වගේම කම්පැනි එකට ජොයින් වෙන්න ඕනෙ.. නැත්නම් ආයෙ කොරියාවෙන් යන්න ඕනේ.. "

❣️  𝐁𝐞𝐥𝐢𝐞𝐯𝐞 𝐌𝐞 ❣️ || ᴊʜs || ✅✅Where stories live. Discover now