𝐁𝐞𝐥𝐢𝐞𝐯𝐞 𝐌𝐞 ❣️💍
" අහසක් වගේ දුක් දරාගන්න..
දවසකටවත්..මට ආදරෙයි කියනවද.. "BY
ShE JooNi 💝°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
" මේ ලෝකෙ කිසිම බෙහෙතක් නෑ කෙනෙක්ගෙ හිතේ වේදනාව සනීප කරන්න පුලුවන්.. දරාගන්න බැරි වේදනාවක් එක පාරටම ඔළුවට ආවම වැඩිපුරම රිදෙන්නෙ හදවත.. ඉතිං කොහෙද බෙහෙත්.. රිදුන මනුස්සයෙක්ට සනීප වෙන්න..
- හොසොක් - "
ආයෙත් මත් වුන දවසක හෝසොක් සෑහෙන්න කාලෙකට පස්සෙ දිනපොතට වචන ටිකක් එකතු කරා... රායා ආයෙත් හෝසොක් ඉස්සරහට ආවට පස්සෙ හෝසොක් මේ පොත ඇල්ලුවෙ නෑ..
ඒත් එක්කම වගේ හෝසොක්ගෙ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා.. ඒත් ස්ක්රින් එකෙ තිබ්බ නම දැක්කම හෝසොක්ගෙ අත මිට මෙලවුනා.. ඒත් හෝසොක් කෝල් එක කට් කරලා ෆෝන් එක අනිත් පැත්ත හැරෙව්වා.. ඒත් එක්කම වගේ ගෙදර පාස්වඩ් එක ගහන සද්දෙට හෝසොක් නැගිටලා ඉස්සරහට ගියෙ කුතුහලෙන්.. සියොක් පිල් ඇරෙන්න වෙන කවුරුත් ගෙදර පාස්වඩ් එක දැනන් හිටියෙ නෑ ඒත් එයා මේ දවස් වල කොරියාවෙ නෑ කියලා හෝසොක් දැනන් හිටියා.. ඒ නිසාම ලාච්චුවට අත දාලා ගන් එක ගත්තා..
" රායා.. "
මූණෙ හිනාවක් එක්ක දොර ඇරගෙන ඇතුලට එන රායව දැක්කම හෝසොක් ගන් එක ආයෙ ලාච්චවට දැම්මෙ එයාට නොපෙනෙන්න..
මුළු ගෙදරම කළුවර වෙලා තිබුනත් තැන තැන තිබුන පුංචි බල්බ් නිසා ගෙදරට අමුතු මූසල පෙනුමක් ඇවිත් තිබුනා.. ඒත් රායාගෙ ඇස් නතර වෙලා තිබුනෙ කිසිම හැගීමක් නැතුව රතු වෙච්ච ඇස් වලින් තමන් දිහා බලන් ඉන්න හෝසොක් දිහා..
" ආ.. ඔයා කෝල් එක ආන්සර් නොකරපු නිසා මම ආවෙ.. "
රායා හිමින් කිව්වෙ හෝසොක් එක්ක කතා කරන්න ආවත් ඒක හිතුවට වඩා අමුතු හැගීමක් උන නිසා..
" මම නිකමට වගේ පාස්වඩ් එකට මගෙ උපන්දිනේ ගැහුවෙ.. "
හෝසොක් මුකුත් නොකිව්ව නිසා රායා ආයෙත් කිව්වෙ දොර දිහා බලාගෙන.. හෝසොක් ඒ පාස්වඩ් එක දාන් ඉන්න හේතුවක් රායාට තේරුනේ නෑ..
YOU ARE READING
❣️ 𝐁𝐞𝐥𝐢𝐞𝐯𝐞 𝐌𝐞 ❣️ || ᴊʜs || ✅✅
Fanfictionතැනින්,,තැන ඉරාගෙන..උඹ අරන් ගිය හීන ටිකින්,,ටික මාව මරනවා.. කාලයත් එක්ක හැමදේම දරාගෙන..බැරිම දවසක මම අත අරිනවා.... #HoSeok🖤 කැමීලියා.. මේ ලෝකේ කොච්චර මල් තිබුනත් මම කැමීලියා මලට තදින්ම බැදුන කෙනෙක්.. රෝස පාට කැමිලියා මල හැමදාමත් වගේ මගෙ ආදරේට නිර්ව...