𝐁𝐞𝐥𝐢𝐞𝐯𝐞 𝐌𝐞 ❣️💍
" අහසක් වගේ දුක් දරාගන්න..
දවසකටවත්..මට ආදරෙයි කියනවද.. "BY
ShE JooNi 💝°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
කුණාටුවක් එන්න කලින් මුළු පරිසරයම නිහඬයි.. ඒත් හැම වෙලේම නිහඬ වෙනවා කියන්නෙ කුණාටුවක පෙරනිමිත්තක් නෙමේ.. ඒත් මිනිස්සුන්ගෙ ජීවිත.. ඒවා වෙනස් වෙන්නෙ කාලගුණයටත් වඩා වේගෙන්..
රායා කම්පැනි එකට ඇවිත් මාසයක් විතර යනකොට කම්පැනි එකේ හැමෝම එක්ක සුහද උනා.. ඒ නිසාම රායාට එතන වැඩ ටික ඉක්මනින් අල්ලගන්න පුලුවන් උනා..
" රායා මැඩම්.. ඔයා ඉල්ලපු කොෆි එක.. "
රායා යටතෙ වැඩ කරපු හන් සූ රායාගෙ ටේබල් එක උඩින් කොෆි එක තියලා ආයෙත් යන්න හැරුනේ රායා ෆයිල් ගොඩක් අස්සෙ හිර වෙලා හිටපු නිසා..
" පොඩ්ඩක් ඉන්න හන් සූයා.. ඇයි මේ මොඩ්ල්ට විතරක් අනිත් හැම මොඩ්ල් කෙනෙක්ටම ගෙවනවට වඩා තුන්ගුණයක් ගෙවන්නේ.. "
රායා කතා කරාම හන් සු ආයෙත් රායා ගාවට ඇවිත් රායා අතේ තිබුන ෆයිල් එක දිහා බැලුවා..
" මැඩම්.. ඒ මොඩ්ල් තමා මේ දවස්වල ලොකුම හිට් එක.. එයාටම කියලා වෙනම ෆෑන් බේස් එකක් තියෙනවා.. "
" ඒත් එයාට මෙච්චර ලොකු මුදලක් ගෙවනවද.. "
" ඇත්තම කිව්වොත් ඒ මොඩ්ල් මුලින් ඔය ගාණට අපි එක්ක ඇග්‍රිමන්ට් සයින් කරන්න බෑ කිව්වා.. "
" මොකක්.. මෙච්චර ගාණක් ගෙවලත් එයා බෑ කියන්නේ.. රත්තරං කියලද එයා හිතන් ඉන්නේ.. එයා එක්ක මීටින් එකක් ලෑස්ති කරන්න.. "
" එයාව මෙතනට අරන් ආවෙ හෝසොක් සර්.. ඒ වගේම ඒ මොඩ්ල්ගෙ වැඩ ගැන මෙච්චර කාලෙකට බැලුවෙ හෝසොක් සර්.. මැඩම්ට රහසක් කියන්නද.. "
ඒ ටික කියලා ඉවර වෙලා හන් සූ වට පිට බලලා රායා ගාවට කිට්ටු උනා..
" ඇත්තටම ඒ දෙන්නා අතර එෆෙයාර් එකක් තියෙනවාලු.. ඒක මේ මුළු කම්පැනි එකම දන්න රහසක්.. මැඩම් තාම අලුත් නිසා..... "
YOU ARE READING
❣️ 𝐁𝐞𝐥𝐢𝐞𝐯𝐞 𝐌𝐞 ❣️ || ᴊʜs || ✅✅
Fanfictionතැනින්,,තැන ඉරාගෙන..උඹ අරන් ගිය හීන ටිකින්,,ටික මාව මරනවා.. කාලයත් එක්ක හැමදේම දරාගෙන..බැරිම දවසක මම අත අරිනවා.... #HoSeok🖤 කැමීලියා.. මේ ලෝකේ කොච්චර මල් තිබුනත් මම කැමීලියා මලට තදින්ම බැදුන කෙනෙක්.. රෝස පාට කැමිලියා මල හැමදාමත් වගේ මගෙ ආදරේට නිර්ව...