𝐁𝐞𝐥𝐢𝐞𝐯𝐞 𝐌𝐞 ❣️💍
" අහසක් වගේ දුක් දරාගන්න..
දවසකටවත්..මට ආදරෙයි කියනවද.. "BY
ShE JooNi 💝°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
" පෞද්ගලික දේවල් පෞද්ගලික විදිහට කරන්නද ඕනේ.. "
හෝසොක් ඇවිත් රායාගෙ උරහිසෙන් අල්ලලා තවත් බිත්තියට තද කරාම රායාට කතා කරන්න බය හිතුනා.. ඇස් දෙකත් ලොකු කරන් රායා බලන් ඉන්නකොට හෝසොක් රායාගෙ මූණට එබෙනකොට රායා අහක බලාගත්තත් හෝසොක් රායාගෙ මූණෙන් අල්ලලා එයාගෙ පැත්තට හරවගත්තා..
" තමුන්ට ආයෙ මේ ටික මතක් කරන්න තියන්න එපා.. මෙතන වැඩ කෙරෙන්නෙ මට ඕනෙ විදිහට.. තමුන් කාගෙ කවුද කියන එක මට වැඩක් නෑ.. "
හෝසොක් කතා කරනකොටත් රායාගෙ ඇස් වල කදුළු පිරිලා.. කටට ලේ රසක් දැනෙනකොට රායා හැදුවෙ හෝසොක්ව ඈත් කරන්න උනත් හෝසොක් තව ටිකක් රායාට ලං උනා.. ටික වෙලාවක් රායාගෙ ඇස් දිහා බලන් ඉදලා රායාව තල්ලු කරලා දැම්මා..
හෝසොක් තල්ලු කරපු පාරට රායාගෙ අත වැදිලා ලොකු වීදුරු ප්ලාස්ක් එකක් බිම වැටිලා බිදිලා ගියා..
" පලයං එළියට.. "
හෝසොක් කෑ ගහලා කියනකොට සෝහාත් කැබින් එකට දුවගෙන ආවා.. රායා බය වෙලා අඩන හැටි දැක්කම සෝහා එයාව අල්ලගෙන හෝසොක්ගෙ කැබින් එකෙන් එළියට එක්කන් ආවා.. ඇදුම පොඩි වෙලා කොණ්ඩෙ අවුල් වෙලා තියෙනවා දැක්කම සෝහා උඩ තට්ටුවෙ තිබුන රෙස්ට් රූම් එකට රායාව එක්කන් ආවා..
" රායා මැඩම් දැන් හරි බය වෙන්න එපා.. ඔහොම පහළට යන්න එපා.. "
සෝහා කියනකොට රායා බැලුවෙ කණ්නාඩියෙන් පේන තමන් දිහා.. කදුළු පිහදගෙන මූණ හෝදගෙන පොඩි උන ඇදුමයි කොණ්ඩෙයි අතින් හදාගත්තා..
" මැඩම් ඇස් ටිකක් ඉදිමිලා නිසා ටිකක් වෙලා මෙතන ඉදලා පහළට යන්න.. "
" කමක් නෑ සෝහා.. මම වේලාසනින් ගෙදර යනවා.. "
" තව ටිකකින් සියොක් පිල් සර් එනවා.. "
" එහෙනම් මම දැන් යනවා.. ආබොජි මාව මෙහෙම දැක්කොත් ප්‍රශ්නයක් වෙයි.. සෝහා ඔයා මේ ගැන එයාට කියන්න එපා තේරුනාද.. "
YOU ARE READING
❣️ 𝐁𝐞𝐥𝐢𝐞𝐯𝐞 𝐌𝐞 ❣️ || ᴊʜs || ✅✅
Fanfictionතැනින්,,තැන ඉරාගෙන..උඹ අරන් ගිය හීන ටිකින්,,ටික මාව මරනවා.. කාලයත් එක්ක හැමදේම දරාගෙන..බැරිම දවසක මම අත අරිනවා.... #HoSeok🖤 කැමීලියා.. මේ ලෝකේ කොච්චර මල් තිබුනත් මම කැමීලියා මලට තදින්ම බැදුන කෙනෙක්.. රෝස පාට කැමිලියා මල හැමදාමත් වගේ මගෙ ආදරේට නිර්ව...