Chapter 08

174 64 8
                                    

𝐁𝐞𝐥𝐢𝐞𝐯𝐞 𝐌𝐞 ❣️💍

    " අහසක් වගේ දුක් දරාගන්න..
          දවසකටවත්..මට ආදරෙයි කියනවද.. "

BY
ShE JooNi 💝

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

ඔෆිස් රූම් එකේ පුටුවට බර වෙලා හෝසොක් හිටියෙ නලල අතින් පිරිමදින ගමන්.. කලින් දවසෙ ජන්ග්ගුක් තමන්ගෙ ගෙදර ඇවිත් කියපු කතා හෝසොක්ට ආයෙත් මතක් උනා..

" රායා ගැන මොනවද කතා කරන්න තියෙන්නෙ.. "

කෝෆි මග් එකක් ජන්ග්ගුක් ඉස්සරහින් තියලා.. හෝසොක් ජන්ග්ගුක්ගෙ ඉස්සරහින් ඉදගත්තෙ ඒ මූණ හොදට පේන්න ඕනෙ නිසා..

" මේ ගෙදර හොල්මන් එහෙමත් ඉන්නවද.. "

ජන්ග්ගුක් කිව්වෙ කිසිම පේන හැම දෙයක්ම අළු පාටින් සහා කළු පාටින් විතරක් පේන නිසා.. ඒ නිසා එතන තිබුනේ ලොකු ගුප්ත බවක්..

" ජන්ග්ගුක් ආවෙ මගෙ ගේ බලන්න ද.. "

" ඒකත් එක හේතුවක් තමා.. "

ජන්ග්ගුක් එහෙම කියලා පුටුවෙන් නැගිටලා බිත්තියෙ එල්ලලා තිබුන එක චිත්‍රයක් ගාව නැවතුනා..

" හැමදේම අළු වෙලා ඇයි මේ මල විතරක් රෝස උනේ.. "

චිත්‍රය දිහා බලාගෙන ජන්ග්ගුක් ඇහුවෙ කුතුහලෙන් උනත් හෝසොක් ඒකට උත්තර දුන්නෙ නෑ..

" අරස්සො.. අරස්සෝ.. මම කෙලින්ම කතාවට එන්නම්කො.. මම දන්නවා ඔයාගෙයි රායාගෙයි සම්බන්දෙ ගැන.. ඒ වගේම රායා ඔයාට තාම ආදරෙයි.. "

ජන්ග්ගුක් අන්තිම වචන ටික කිව්වෙ බිම බලාගෙන ලොකු හුස්මක් පිට කරලා.. ඒත් හෝසොක් එක පාරටම හිනා වෙනකොට ජන්ග්ගුක් ඔළුව උස්සලා බැලුවෙ පුදුමෙන් වගේ..

" ජන්ග්ගුක් ශි.. ඔයාට හිතෙන් නැද්ද මේ දේවල් ඕනෑවට වැඩී කියලා.. ජන්ග්ගුක් කියන්නෙ රායාට අහම්බෙන් හම්බුන යාළුවෙක් විතරයි.. මට කියන්න එපා තමුන් රායාට කැමති කියලා නම්.. "

හෝසොක් උපහාසයට වගේ හිනා වෙවි කියනකොට ජන්ග්ගුක් හෝසොක් ගාවට ආවෙ තරහෙන් උනත් ඉක්මනට  තමන්ගෙ තරහා පාලනය කරගත්තා..

❣️  𝐁𝐞𝐥𝐢𝐞𝐯𝐞 𝐌𝐞 ❣️ || ᴊʜs || ✅✅Where stories live. Discover now