Chapter 11

199 67 18
                                    

𝐁𝐞𝐥𝐢𝐞𝐯𝐞 𝐌𝐞 ❣️💍

" අහසක් වගේ දුක් දරාගන්න..
දවසකටවත්..මට ආදරෙයි කියනවද.. "

BY
ShE JooNi 💝

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

" මේ තාත්තගෙ වචනත් ඔයා හොදට මතක තියාගන්න රායා.. "

අඩලම ඉදිමිච්ච ඇස් එක්ක රායාගෙ කනේ දෝංකාර දුන්නෙ එකම එකම වචන ටිකයි.. ඒ වෙලාවෙ හෝසොක්ගෙ ඇස් වල තිබුන තර්ජනයකටත් වඩා ලොකු වේදනාවක් කියලා රායාට දැනුනා..

රායා නින්දක් නැතුව ගෙවන තුන්වෙනි දවස රායාට ඕනෙ උනේම හැමෝගෙන්ම ඈත් වෙලා ඈතකට යන්න..

" බේබී.. ඔයා තාම නිදි නැද්ද.. "

ඇතුලින් ලොක් කරලා තිබුන රායාගෙ කාමරේ දොරට තට්ටු කරලා නැනෝ අම්මා කතා කලත් රායාගෙන් කිසිම ප්‍රතිචාරයක් තිබුනේ නෑ.. නැනෝ අම්මා හිතුවෙ මේ දවස් ටිකේම හරියට කෑමක් වත් නින්දක් වත් නැති නිසා රායාට නින්ද ගිහින් ඇති කියලා..

" රායා නිදිද.. "

නැනෝ අම්මා රායාගෙ කාමරේ ගාව ඉන්නවා දැක්කම සියොක් පිල් ඇහුවෙ එතනට එන ගමන්..

" මමත් එහෙම තමා හිතුවෙ.. ඒත් එයා ඇතුලින් දොර ලොක් කරලා නිසා හිතට අමුත්තක් දැනෙනවා.. එළියෙ හොදටම වහිනවත් එක්කනේ.. "

" සැකයි නම් හිත හිත ඉන්න එපා නැනෝ අම්මා.. මේකෙ අනිත් යතුර අරන් එන්නකො.. "

නැනෝ අම්මා කියපු විදිහට සියොක් පිල්ටත් අමුත්තක් දැනුනා.. ඉක්මනින් අමතර යතුර අරන් ආපු නැනෝ අම්මා දොරේ ලොක් එක ඇරියා.. දෙන්නම ඇතුලට ගියත් රායා කාමරේ හිටියෙ නෑ..

" රායා.. ඔයා මේකෙද.. "

සියොක් පිල් වොශ් රූම් එකේ දොරට තට්ටු කර කර ඇහුවත් උත්තරයක් නැති නිසා දොර ඇරලා බැලුවා.. ඒත් රායා ඇතුලෙ හිටියෙ නැති උනාම නම් සියොක් පිල් හොදටම බය උනා.. රායාගෙ නම කියලා කීප සැරයක්ම කතා කරා..

" ලොකු මහත්තයා.. "

රායාගෙ කාමරේ බැල්කනි එකේ ඉදන් නැනෝ අම්මා කෑ ගහනකොට සියොක් පිල් අඩියට දෙකට ඒ පැත්තට ගියෙ පපුවට අතත් තියාගෙන..

❣️  𝐁𝐞𝐥𝐢𝐞𝐯𝐞 𝐌𝐞 ❣️ || ᴊʜs || ✅✅Where stories live. Discover now