𝐁𝐞𝐥𝐢𝐞𝐯𝐞 𝐌𝐞 ❣️💍
" අහසක් වගේ දුක් දරාගන්න..
දවසකටවත්..මට ආදරෙයි කියනවද.. "BY
ShE JooNi 💝°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
ජීවිතේ සමහර දේවල් අපි ළගින්ම තිබුණත් ඒවා අපිට අයිති නෑ.. ඒවට අයිතියක් කියන්න වත් අපිට බෑ.. මහ රෑත් නිදිමරන කවියො නම් කියන්නෙ අපිට පුලුවන් දුර ඉදන් ඒ දිහා බලාගෙන සතුටු වෙන්න විතරයිලු.. ඒත් ඇත්තටම අපි ඒ විදිහට ඉන්නෙ සතුටින්ද.. ???
රායට හිටියෙ සොගන්ග් යුනිවසිටි එකේ ගේට්ටුව ඉස්සරහ.. රායාටවත් තේරුනේ නෑ කවදාවත් ආපු නැති තැනක් උනත් මේ තරම් හුරුපුරුදු බවක් දැනෙන්නෙ කොහොමද කියලා.. හිමින් හිමින් අඩිය තියලා ඇතුලට ගිය රායා ඇතුලෙදි දැනෙන හැගීම ටික වෙලාවක් ඇස් පියාගෙන වින්දා.. ඒත් කොහෙදෝ මංදා ඉදලා ආපු බාස්කට් බෝලයක් රායාගෙ ඔළුවෙ වැදුනේ අහසේ තරු ඔක්කොම රායාට පෙන්නලා..
" ඕහ්.. සොරි මිස්.. ඔයාට තුවාලයිද.. "
අත් දෙකෙන්ම ඔළුව බදාගෙන ඉන්න රායා ගාවට ස්පෝට්ස් කිට් එකක් ඇදපු කොල්ලෙක් දුවගෙන ඇවිත් බිම තිබ්බ බෝලෙ අරගෙන රායා ලගට ආවා..
" ආහ් මම හොදින්.. ප්රශ්නයක් නෑ.. "
රායා බිම බලාගෙනම උත්තර දුන්නෙ ඔළුවෙ පැත්තකින් ලොකු වේදනාවක් දැනෙද්දි.. එවෙලෙම ඒ කොල්ලා නැමිලා බිම බලන් හිටපු රායාගෙ මූණට එබුනම රායා ගැස්සිලා ගියා..
" හොදින් කිව්වට මොකො නලලෙ පැත්තක් සීරිලා තුවාල වෙලානේ.. "
ඒ කොල්ලා බෝලේ ග්රවුන්ඩ් එකේ අනිත් කොල්ලො හිටපු පැත්තට විසික් කරලා රායාගෙ නලලට ඇගිල්ල තියලා උස්සලා බැලුවා..
" මිස් එන්න.. අපේ යුනියෙ මෙඩිකල් සෙන්ටර් එක තියෙන්නෙ මේ එහාපැත්තෙ.. අයිස් තියන්න වෙයි.. "
රායා කොච්චර එපා කිව්වත් ඒ පිරිමි ළමයා එක දිගට බල කරපු නිසා මෙඩිකල් සෙන්ටර් එකට ගිහින් ටික වෙලාවක් අයිස් තියලා ගෙඩි ගැහිලා තුවාල වෙලා තිබුන තැනට බේත් දාගෙන රායා මෙඩිකල් සෙන්ටර් එකෙන් එළියට එනකොටත් අර පිරිමි ළමයා එතනට බලාගෙන හිටියා.. බෝලෙ ටිකක් හයියෙන් වැදුන නිසා රායාගෙ ඔළුව රිදෙන්න ගත්තා..
YOU ARE READING
❣️ 𝐁𝐞𝐥𝐢𝐞𝐯𝐞 𝐌𝐞 ❣️ || ᴊʜs || ✅✅
Fanfictionතැනින්,,තැන ඉරාගෙන..උඹ අරන් ගිය හීන ටිකින්,,ටික මාව මරනවා.. කාලයත් එක්ක හැමදේම දරාගෙන..බැරිම දවසක මම අත අරිනවා.... #HoSeok🖤 කැමීලියා.. මේ ලෝකේ කොච්චර මල් තිබුනත් මම කැමීලියා මලට තදින්ම බැදුන කෙනෙක්.. රෝස පාට කැමිලියා මල හැමදාමත් වගේ මගෙ ආදරේට නිර්ව...