13th ⭐ Star

336 96 14
                                    

Zhan 💙❤ Zhan
(Lan Zhan & Xiao Zhan )

Lan Zhan's pov...💙

උදේ මං ඇස් ඇරලා බලද්‍දි එයා මගේ මූණ දිහා බලාන..ඊළඟට එයා ඇඳෙන් බැස්සා.

"මං යනවා බෝව බලන්න......."

මං ඔළුව උස්සද්දිත් මට ඇහුනා එයා කාමරෙන් යන අඩි සද්දෙ..මාත් ඉක්මනට ඇඳන් එයා පස්සෙ ගියෙ එයා හිටියෙ ඊයෙට වඩා වෙනස්ව හින්දා.

මේසෙ උඩ හරිම ලස්සන දෙයක් තිබුනා..ඒක ලොකු වලහෙක් වගේ.කොළ පාට වලහෙක්...මං ඒක දිහා බලලා එයා දිහා බැලුවෙ ඇසුත් ලොකු කරලා..

"අහ් ..ඒක අල්ලන්න එපා.ඒක බෝට...අද බෝගෙ උපන්දිනේ...."

එයා එහෙම කියලා හිනා වෙද්දි මං ඒකට තියන්න ගිය අත ආපහු ගත්තා..

"උපන් දිනේ...??"

"ඔව්..උපන් දිනේ..ඇයි ගූසු වල උපන් දින සමරන් නැද්ද..? හයෝ..වැඩක් නෑ..එන්නකො බඩුවක් පෙන්නන්න..."

ඔව්..ගුසු වල උපන්දින සමරනවා..ඒත් මගෙ උපන්දිනේ කවදාවත් කවුරුවත් සමරලා නෑ..සමහර විට..මාව නොඉපදිය යුතු ඇති...බෝ ඔයා වාසනාවන්තයි..චාන් ඔයාට ආදරෙයි..

"එන්නකො ලාන් චාන් මෙහෙට..ඔතන හිටන් මොකද කරන්නෙ..?"

මං ගිහින් එයාගෙ එහා පැත්තෙන් වාඩි වුනාම එයා ටීවි එක දිහාම බලන් හිටියා..

"අර බලන්න..ඒ යිබෝගෙ උපන්දිනේ රටේම මිනිස්සු සමරන විදිහ..එයා මොන තරම් දක්ෂද..එයා හරිම ලස්සනයිත් එක්ක...අද කොළ පාට දවසක් වගේ..දන්නවද අද එයාට ඉක්මනට සනීප වෙන්න කියලා මිනිස්සු ලොකු වැඩක් කරන්න ඉන්නෙ....පව් මගේ බෝ...මේවා මගෙ වැරදි.."

චාන් කියවන් යද්දි මගෙ හදවත පෑරෙනවා..බෝ දක්ෂ කෙනෙක් වෙන්න ඇති..එයා ලස්සනත් ඇති..චාන් ඒත් ඒ මමනෙ..ඔයාට මාව ඇයි ඒම නොපෙනෙන්නෙ..

චාන්...ඒ මම නම්..දන්නවද අද මගෙත් උපන්දිනේ වෙන්න ඇති නේද...අද මාත් එක්ක ඉන්නවද..මං කවදාවත්ම සමරලා නැති උපන්දිනේ ඔයා එක්ක සමරන්නද..? මට තෑගි එපා චාන්..අර වලහත් මට එපා..මගෙ චාන් අදට විතරක් මාත් එක්ක ඉන්න...මට ඔයාව ඕනි..කරුණාකරලා...අදට විතරක්මවත්...

🌟 The Shooting Star 🌟 [ Completed ]Where stories live. Discover now