Spacial Episode 02 (Real End Part 02 )

542 98 27
                                    

❤ Yizhan 💚

Xiao Zhan Pov....❤

එයා දුවන් ඇවිත් මගෙ උකුළ උඩට පැන්නා.හෙට ෂෙඩූල් එක තියන ටැබ් එක අල්ලන් හිටපු මගෙ අත් දෙක මැද්දෙන් රිංගපු එයා මායි ඒකයි අතරට ඇවිත් තව හොඳට උකුලෙ වැඩි වෙලා මගෙ පපුවටම ඔළුව හේත්තු කර ගත්තා.

මං එක අතකින් එයාගෙ ඉණ වටේ යවලා අල්ලන් අනිත් අතින් ෂෙඩූල් එක චෙක් කරද්දි එයා හොඳට ඉඳන් කකුල් දෙකත් වන වන ස්ට්‍රෝබෙරි අයිස් ක්‍රීම් එකක් කෑවෙ කිසි කතාවක් නැතුව..

"කෝ මට...?"

"ෆ්‍රීජී ලඟ ඇති ඉල්ලන් කන්න..මේක නම් දෙන්නෙ නෑ..."

මට මතක් වුනෙ ලාන් චාන් ෆ්‍රිජ් එක එයාගෙ හුරතලා කර ගත්ත කතාව කිව්වට පස්සෙ එයා දුවන් ගිහින් ඒක 'ෆ්‍රීජී' කියලා බදා ගත්ත හැටි..දැන් අපේ ගෙදර තුන් දෙනයි..මායි එයයි ෆ්‍රිජීයි.

"ඒම බෑ මයි බේබි..කෝ මටත් ඕනි නැත්තම්...."

"නැත්තම්....?"

එයා මගෙ මූණ දිහා බලන් ඇහුවෙ ඇස් දෙකෙන් හිනා වෙන ගමන්..අයිස් ක්‍රීම් කාලා කම්මුල් රතු වෙලා තිබුනෙ නහයත් එක්ක ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ කරලා..තොල් පවා චෙරි ගෙඩියක් වගේ තද රතුපාට වෙලා තිබුනෙ කාපු අයිස් ක්‍රීම් එකේ පාටින්ම ඩිසයින් වෙලා.

මං එයාගෙ තොල් අල්ල ගත්තෙ ක්ෂණිකව..අයිස් වගේ සීතල ඒ රතු රෝස පෙති වලින් ආව ස්ට්‍රෝබෙරි රසත් එක්ක මාව මත් වුනා වගේ.....

"ඇති ඒක දිය වෙනවා.."

එයා මගෙ තොල හයියෙන් හපලා ඈත් වෙලා ඉක්මනට අයිස් ක්‍රීම් එකෙන් හැන්දක් ආයෙත් කෑවා.

ඊළඟට එයා තව ලොකු අයිස් ක්‍රීම් හැන්දක් අරන් මගෙ කට ලඟට කලාම මං කට ඇරියත් ඒක ආයෙ එයාම කෑවා..

"යාහ්..බෝ බේබි..ඔයා නරකයි..."

මං බොරුවට තරහ වෙලා එයා දිහා නොබලා ආයෙ ෂෙඩූල් එක දිහා බලද්දි එයා හයියෙන් හිනා වෙලා ආයෙත් හැන්දක් මට ලං කලා..

මං ඒක කන්න කට ඇරියත් එයා ඉක්මනට මගෙ තොල් වලින් චූටි කිස් එකක් හොරකම් කර ගත්තෙ හරි හදිස්සියෙන්.

🌟 The Shooting Star 🌟 [ Completed ]Where stories live. Discover now