12th ⭐ Star

368 96 12
                                    

W 💚💜 W
( Wei Wuxian & Wang Yibo )

Wang Yibo's Pov...💚

( කලින් ඉවර වුන තැන මතක නැත්‍තම්.., ආපසු හැරේන්...! ගමනේ යා!... 9 වෙනි පාර්ට් එකට.බායි...ඔයාලා ගිහින් එන්න...)

"කෝ තව පහළට වෙන්න මගෙ ඉනෙන් අල්ල ගන්න...මෙහෙම මේ අතින් අල්ලන් ස්ටෙප් දෙකක් ඉස්සරහට..අයෙ ස්ටෙප් දෙකක් පස්සට..අන්න හරි..."

මාව නිකන් භ්‍රමණ චලිතයක යෙදුනත් මං වෙයි ට චුට්ටක් නටන්න ඉගැන්නුවා.චුට්ටක් නටන්නත් ඉගෙන ගන්නත් එපෑ.හැමදාම බටනළා පිඹ පිඹ ඉන්නෙ. සැරයක් දෙසැරයක් 'භූමි මාතා නමෝ නමහ්' කරන්න ගියත් වෙයි යිං පැනලා මගෙ ඉණවටේ අත දාලා මාව අල්ල ගත්තා වැටෙන්න නොදී...නෑ නෑ මං වෙරි වෙලා නෙවෙයි හිටියෙ..පොළව චුට්ටක් ආනත වෙලා ඒකයි මේ.

"බබා දැන් ඇති.හොඳටම රෑ වෙලා.."

ඒ පාර නම් එයා මගෙ උරහිස් දෙකෙන්ම අල්ලලා තද කරලා මගෙ මූණට එබුනෙ සැර කරලා.හ්ම්.. මගෙ හොස්සත් දික් වුනේ මට බැන්න හින්දා.

"නවත්තන්න නම් මගෙ මෙතෙන්ටයි, මෙතෙන්ටයි, මෙතෙන්ටයි කිස් දෙක ගානේ හයක් ඕනි.." මං කිව්වෙ මගෙ කම්මුල් දෙකයි සූටි බංඩියයි පෙන්නලා.එයා හයියෙන් හිනා වෙලා කිස් වෙනුවට මගෙ කම්මුල් හයියෙන් මිරිකුවා..

"ආව්..." මං රවලා හයියෙන් පාරක් එයාගෙ අතට ගැහුවෙ පස්සට පැනලා.

"මගෙ හුරතලේ...මෙන්න මෙහෙ එනවා යන්න."

"කිව්වනෙ ඕනි ඕනි ඕනිමයි...නැතුව බෑ....." මං කෑ ගැහුවා.

"බෑ කිව්වනෙ.."

එයා මාව වඩා ගත්තාම මං එයගෙ ඉණ වටේ කකුල් දෙක ඔතාන අල්ල ගත්තත් මගෙ අත් දෙක නිදහස්.එයා මාව හයියෙන් අල්ලන් හිටියෙ.

එයා මාව බිම දාන්නෑ මං දන්නවා.ඉතිං මං එයාගෙ කම්මුල හයියෙන් හපලා රතු කරලා එතනට කිස්‍ එකක් දුන්නා.එයා මොකුත් කිව්වෙ නෑ.මාව අරන් කොහෙටද මන්දා ආවා.

"ඔහ් නාන්න?මේ රෑ...? මට බෑ.මට බෑ....සීතලයි...."

මං දැඟළුවෙ බිමට පනින්න වුනත් ඒ අත් යකඩ වගේ ශක්තිමත්.එයා මාව තද කරලා වඩාගෙනම ගිහින් සීතල පොකූණෙ තැනක වාඩි කෙරෙව්වා. මොනවා වුනත්‍ ලස්සන පරිසරයක්‍.හඳ එළිය පොකුණට වැටිලා කිසි විදිහක කළුවරක් නැහැ..වටේම පියාඹන චූටි කළාමැදිරියොන්ගෙ එළියත් එක්ක මිශ්‍ර වෙලා පරිසරයම තද නිල් දම් පාටක් හැරිලා.ගල් උඩ ඉන්න සීතලේ ගුලිවුන හා පැටව් නම්‍ හොරේන් අපි දිහා බලන්‍ හිටියා.

🌟 The Shooting Star 🌟 [ Completed ]Where stories live. Discover now