💙 Wangxian 💜
Wei Wuxian Pov...💜
සතියකට පසු........🍂
________________________🍂
.
.
.
."ලාන් චාන් ඔයාට විශ්වාසයිද...?"
"හ්ම්......"
එයා අන්තිම පාරට ගූසු දොරටුව දෙස ආපහු හැරිලා බැලුවා...තව දුරටත් ඒ ඇස් වල දිළිසීමක් නෑ..අඬලාම ඒ ඇස් රතු වෙලා....
එයා අතේ මිටි මොළවන් සිටි නළල් පටිය අතින් මුදා හැරියා...ඒක ගූසු දොරටු ලඟ වැටිලා ගියේ තාලෙකට.
ඒ එක්කම මං එයාගෙ අතේ දිගු ඇඟිලි අතර මගෙ ඇඟිලි යවා තද කරලා අල්ල ගත්තාම එයා මං දිහා බැලුවා..
"මට ආදරේ කරනවා නේද වෙයි යිං...?"
"ඔව්...ගොඩක් ආදරෙයි..ආයෙත් නම් මේ අත් අතහරින් නැහැ...."
"..මාත්...ආයෙ නම් හැරෙන් නැහැ. ...මං ආදරෙයි වෙයි යිං...."
"මාස්ටර් චිරෙන් කවදා හරි අපිව පිළිගනීද..?"
"අනිවාර්යයෙන්ම.." එයා තවත් තද කරලා මගෙ අත් අල්ල ගත්තා.
"ඒත් ලාන් චාන්...දැන් අපි කොහෙද යන්නෙ..?"
මං ඇහුවෙ දැන් තියෙන ලොකුම ප්රශ්නෙ ගැන හිතලා..
බෝට එක පාරට සිහි නැතුව වැටිලා ආයෙත් සිහිය එද්දි චිරෙන් මාස්ටර්ට තේරුණා මේකෙ කිසිම බොරුවක් නැහැ කියලා..ඒ වගේම සව්ජූන් හැමදේම පැහැදිලි කරපු නිසා එයා පිළිගත්තා..
ඒත්..එයා අපේ සම්බන්දෙට නම් ආශිර්වාද කලේ නැහැ..ඉතිං ලාන් චාන්ට වුනේ නිකාය අත අරින්න.මං සිය දහස් වාරයක් එයාට කිව්වත් ඒක කරන්න එපා අපි වෙන විදිහක් හොයා ගමු කියලා ලාන් චාන්ගෙ මුරණ්ඩුකම ඉස්සරහ කිසි දෙයක් වෙනස් වුනේ නැහැ..
එයා එයාගෙ හැමදේම අතෑරියා..ඒ මං වෙනුවෙන්....මට තියන ආදරේ වෙනුවෙන්.නම,කීර්තිය,ගෞරවය හැමදේම...එයා මට මොන තරම් ආදරෙයිද කියලා මං තේරුම් ගත්තා..
"ඔයාගෙ හීනෙට යමු...." එයා මං දිහා බලලා කිව්වෙ අඩියක් ඉස්සරහට තියන ගමන්..ඒත් මට නම් ඕනි වුනේ පස්සට යන්න..
"මොකද්ද ඒ..??"
"ඔයාට ඕනි වුනා සොන්ග්ෂීචෙන් වගේ නිකාය බැඳීමක් නැතිව නිකම් ධ්යානවේදීන් විදිහට ඉන්න......රාත්රි දඩයම් වලට යන්න...."