W 💚💜 W
( Wei Wuxian & Wang Yibo )Wang Yibo's Pov...💚
හ්ම්...ලාන් චාන්....මට තේරෙනවා ඇයි ඔයා වුක්ෂියන්ට යන්න දුන්නෙ කියලා...ඔයාගෙ හැඟීම් හැමදාම හැංගුවෙ ඇයි කියලා..
ඔයා බයයි.ඔයා බය ඒ දේ මේක...
ඒත් ඒ ඔයානෙ බය.ඔයා බය ඔයා හ්වං ගුවන් ජූන් නිසානෙ.ඔයා ලාන් ජේඩ් මාණික්යක් නිසානෙ.ඔයා ලාන් නිකායෙ නිසානෙ...
ඒත් මේ මං.මං ලාන් චාන් නෙවෙයි...මං වැන්ග් යිබෝ...මම නොවන මම ඔයා.
මට අයිති ඒ මැණික ඔයාට තියන්නම්...ඔයාලා එකතු වෙන්න.....මං මේක විසඳන්නම්..එයා එද්දි ගොඩක් දේවල් වෙලා තියෙයි.ඒත් මට පසු තැවීමක් නැහැ.
"මං ආදරෙයි..ඔව් එයාට ආදරේ කරන එක වැරැද්දක් නම් මං ඒක අවුරුදු දාසයකට කලිනුත් කරනවා.දැනුත් කරනවා.අනාගතේදිත් කරනවා.....මොකද එයා වෙනුවෙන් මං ජීවත් වෙන්නෙ.මං එයාට මගෙ පණටත් වඩා ආදරෙයි....."
මං කෑ ගැහුවෙ මට පුළුවන් උපරිමෙන්ම..ඔව් මට ඕනි වුනේ ඒක මුළු ඔක්කොටම ඇහෙන්න.මං අඬනවා.කොහොමත් මේ මගෙ කඳුළු කියන ජාතිය කොයි වෙලේද පනින්නෙ කියලා බලන් ඉන්නෙ.මටම තරහයි.
ඒත් මට සතුටුත් හිතුනෙ මාමාණ්ඩියෙ මූණ දැකලා..බලන්න ලස්සනයි..මාව අළු කරලා දාන්න වගේ බැල්ම.ඒ අස්සෙ මුළු ලාන් නිකායෙම ළමයි හෝල් එකට රැස් වෙලා ඇසුත් ලොකු කරන් බලන් ඉන්නවා.
ටික වෙලාවක් යද්දි මාමා තරහෙන් පිඹලා ගස්සලා ඇතුළට ගියත් මට හිතුනා එයා මේක ලේසියෙන් අත අරින් නෑ කියලා.හිතුවා වගේම එයා ආවෙ අර කසේ වගේ එකකුත් අරන්..විනය කසේ..ඔහ්! හරි මං හිතුවා ඕක වෙයි කියලා...මේ සිටුවේශන් එක නම් සෝචනීය වෙයි වගේ..මේකෙන් කන්න වෙයිද මට...?
කියලා හිතන්නවත් ලැබුන් නැහැ.එයාගෙම අතින් කසෙන් පාරක් පිට හරහා යද්දි එයා ඉස්සරහ හිටන් හිටිය මාව විසි වෙලා ගිහින් අඩි දෙක තුනක් පිටිපස්සෙන් තිබුන දොරෙන් එළියට විසි වෙලා බිම ඇදන් වැටුනා.
පාරෙ සැරට මූණ බිම වැදිලා තොල් පැලිලා ලේ බිංදු හිම උඩට වැටිලා ගියා.කියන්න සතුටුයි මට එක පාරින්ම වැටුන බිමෙන් නැගිට ගන්නවත් බැහැ..ඇඟම රිදුනා. ඒ එක්කම..