04 කොටස❤️💚

904 176 33
                                    

පෙර කොටසින්.....

බලමු කොහොම හරි හදන්න වෙනවා නැත්නම් මගෙ වලටත් දවසක හෙන ගහනවා මෙතන අවුල ලිහලා මගෙ අවුල ලිහාගන්නවා

එතැන් සිට.......

වේලාව උදේ 8 නිවසේ හැමෝම බ්‍රෙක්ෆස්ට් එක ගන්න ආවත් යීබෝ තාම නිදි.

"හනී යීබෝ ආවේ නැද්ද ඊයේ"

"ආවා පපා එයා රූම් එකේ එයාගේ ඇගට හරි නෑ කිව්වා ඒ නිසා මන් එයාට කෑම එහෙම කාමරෙන් තියලා ආවේ "

මවට කලින් ජාන් පැන උත්තර දුන්නා.
අද මිස්ටර් වැන්ග් ලගේ ගෙදර එයාලගෙ ලොකු ලේලිත් එක්ක කෑම ගන්න පලවෙනි දවස.ඉතින් මිසිස් වැන්ග් හිටියේ ගොඩක් සතුටින්.

💜💜මන් දන්නවා දැන් ඔයාල හිතන්නෙ මොකක්ද කියලා..😅 ඩිවෝස් වෙන්න ආපු ගෑනිත් එක්ක කන එකේ ඇති සතුට මොකක්ද කියලනේ😅😅 පොඩ්ඩක් ඉන්නකෝ මන් කියන්නම් ඒකත්💜💜😅

"දැන් එතකොට දෙන්නා සෙට්ල් වෙන්න ගත්ත තීරනේ හරිද පුතා"

"යස් පපා අපි දෙන්න තීරනය කරා ඩිවෝස් නෝවී ඉන්න"

"එතකොට දුව ඔයා ඔයත් හොදට හිතලද මේ තීරනේට කැමති උනේ..මේකනෙ කොච්චර කිව්වත් අපි වැඩිහිටියෝ උනත් අපිටත් ඔයාලගේ දේවල් වලට ඉන්වෝල්ව් වෙන්න පුලුවන් ප්‍රමානයක් තියෙනවා.අපිට පුලුවන්නේ ඔයාලට තීරන ගන්න හයියක් වෙන්න විතරයි ගන්න තීරනේ ගන්න ඕන ඔයාලා..දන්නවද දුව ඔයාගේ ඩෑඩ් ඔයාලගේ මේ තීරනෙ නිසා ගොඩක් අවුලින් හිටියේ"

"දන්නව අන්කල් we are verry sorry for that ඇත්තමයි මන් එදා ඒක කේන්තියට කිව්වට ඒක මෙච්චර දුර දිග යයි කියල හිතුවේ නෑ අන්තිමට අපි දෙන්නට තේරුනා අපි දෙන්නගෙ වැරැද්ද ඒකයි අපි දෙන්නා ඇවිත් ඒක ඔයාලට කියන්න හිටියේ අපි ටික දවසක් ඔයාලත් එක්ක ඉදල යන්න ආවෙ එතකොට අපේ හිතටත් හොදයීනේ අන්කල්"

"ඒක හොද තීරනයක් ආපු එකෙ ටික දවසක් දෙන්නා වැඩිපුරත් එක්ක ඉදලම යන්න"..

"ආවා විතරයි දෙන්න යන කතා ඇදල ගන්න එපා.අනේ පුතා ආයෙ යන්න එපා මට තනියම මේ ගෙදර ඉදල පිස්සු හැදෙයි.ඔයා හිටියොත් දුවවත් ඉදී මාත් එක්ක"

Still I Love you But, I hate you❤️💚 ( zhanyi ff●●Completed..●●)Where stories live. Discover now