18 කොටස❤️💚

603 142 24
                                    

පෙර කොටසින්.....

යැන්සි ජාන්ට ඇනුම් පදයකුත් කියාගෙන ඇතුලට ගියා

එතැන් සිට....

යීබෝ ගෙදර එද්දී රෑ 12 ටත් කිට්ටුයි.ජාන් ඒත් යීබෝ එනකන් බලන් හිටියේ ඉස්සල්ලා තිබ්බ උවමනාවටත් වඩා කේන්තියෙන්.

යීබෝ එද්දී ගේට් එක ඇරල තිබ්බේ.කෙලින්ම බයික් එක ඇතුලට දාපු යීබෝ වැනි වැනිම ගෙට ඇවිද්දා යන ගමන් ගේට් එක ගාව නතර උනු යීබෝ,

💚ඈ බොල ගෙදර මිනිස්සුන්ට ගේට් එක වහන්න අමතක වෙලාද නැත්නම් හොරෙක්වත් බැහැලද ...
නෑ නෑ වෙන්න බෑ ඔන්න ඔහේ මන් වහලම යනවා

ගේට්ටුව වහල පිටිපස්ස හැරෙනවත් එක්කම ජාන් පිටිපස්සෙ එක පාරටම හැරෙද්දිම ජාන්ව දැක්ක නිසා යීබෝ බය උනා.

💚😠පිස්සුද ඕයි තව ඩිංගෙන් හාට් ඇටැක් එනවා මේ මහ රෑ හොල්මනක් වගෙ ඉන්නේ

❤️අනේ මේ මන් කියන් නෑ මෙච්චර වෙලා තමුන් කොහෙද ගියේ..

යීබෝ ජාන්ට උත්තර දෙන් නැතුව හිමීට මග ඇරලා යන්න ගියා.

යන්න යනවත් එක්කම ජාන් යීබෝගේ අතින් අල්ලගත්තා.

❤️උත්තර දෙනවා කොහෙද මාරුවෙන්නේ ආ මෙච්චර රෑ වෙනකන් මොකා එක්කද හිටියේ.

ජාන්ගේ අත යිබොගේ අතෙ ගැවෙද්දී යීබෝගේ ඇගෙ හිරි කඩු පවා පිපුනා හැගීම් ඇවිස්සෙන්න මහ වෙලාවක් ගියේ නෑ ඒත් එක්කම යිබෝගේ හැගීම් ආයෙම එකින් එක ඇවිස්සෙන්න ගත්තා.
යීබෝ තාමත් බලන් ඉන්නේ ජාන් අල්ලන් ඉන්න අත දිහා
යීබෝගේ වෙරි පවා ගැහෙන පපුවත් එක්ක බාගෙට හිදිලා තිබ්බා.

💚ජාන් අත අතාරිනවා වගේ

❤️කොහොමත් අල්ලන් ඉන්නැ අතාරින්නම් ඒත් ඊට කලින් කොහෙද ගියේ කියනවා

💚ඔව් තමුසේ කොහොමත් මගෙ අත අල්ලන් ඉන්න ඕන් නැ ඔයා වෙන අතක් අල්ලගත්තට පස්සෙත්...

යීබෝ ඒක ඇහෙන නැහෙන ගානට කිව්වට ජාන්ට ඒක ඇහුනා.ජාන්ගෙ ඉස්මොල්ලේ ඉදන් දෙපතුල දක්වා කරන්ට් එක වැදුනා වගෙ උනේ යීබෝ තාමත් එයාට ආදරෙ කරනවා කියන දේ ඉගියකින් හරි එයා කිව්ව නිසා.ඒත් ජාන්ට ඒක එයාගෙ කටින්ම අහන්න ඕන උනා.
ජාන් මේ වෙලාව ඒකට අවස්තාවක් කරගත්තා.යීබෝ කිව්ව ඒ වචන ටික ජාන්ට ඇහුනත්  ජාන් ඇහෙන් නෑ වගෙ හිටියා.

Still I Love you But, I hate you❤️💚 ( zhanyi ff●●Completed..●●)Onde histórias criam vida. Descubra agora