12 කොටස❤️💚

711 146 22
                                    

පෙර කොටසින්...

යීබෝ දොරෙන් එලියට ඔලුවත් දාල වටපිට බලාල ඔලුවත් කහ කහ දොර වැහුවා.

එතැන් සිට....

පහුවදා උදේ ඉදන් යැන්සිගේ කන් කරච්චලය උනේ රට ඉදන් ආවත් හරි එයාගේ ගෙදර යන්න බැරි උනු නිසා.

"අනේ මොකක්ද ජාන් දැන් ඇවිත් දවස් කීයද මට ගෙදර යන්නම බැරි උනා.මාම් පපා යීබෝව බලන්නත් එන්න ඉන්නේ.එතකොට එයාලට මාව මෙහෙ ඇවිත්ද බලන්න වෙන්නේ.
මාම් ඉන්නේ හරි අවුලෙන්.."

"❤️හරි යැන්සි මන් ඉතින් ඔයාව එක්කන් නොගියම නෙවේනේ අපි ආපු ගමන් එහෙ ගියානේ ඒත් ඔයාගේ මල විකාර නිසාමනේ යන්න බැරි උනේ .ඉතින් එතනින් එහාට වෙච්ච දේවල් ඔයා නොදන්නවා නෙවේනේ."

"ඔව් ඔව් මන් දන්නවා එදා ලෑස්ති වෙලා හිටපු එකනේ යීබෝ නිසා තමා ඔක්කොම උනේ ඔයාට කොහොමත් මට වඩා එයාව වටිනවනේ'

❤️අනේ මේ යැන්සි කට තිබ්බ පලියට කියවන්න එපා.දැන් අද  පපා එහෙම එන එකේ අපි රෑවෙලා ඩිනර් එකට යමු.මන් ඔයාව දවසක් දෙකක් එහේ ඉන්න දාලා එන්නම්..'

"ඇයි ඒ මට ඉන්න ඕනෙ ටික දවසක් ඔයා ඔයාගෙ මමාලත් එක්ක ඉන්නේ මටත් ටික දවසක් ගෙදර ඉන්න ඕනේ.."

"❤️එහෙම හිටියොත් කට්ටියට සැක හිතෙයි ඔයාට පුලුවන්නේ ඉදල හිටල ගිහින් එන්න හරි සතියක්ම විතර ඉන්න හැබැයි ඊට පස්සේ එන්න"

ඒකට යැන්සි විරුද්ද නොවී කැමති උනේ යැන්සිලගේ අම්මලා උනත් යැන්සි එක දිගටම එහෙ නතර වෙන්න ගත්තොත් සැක හිතයි කියලා.

ඔය අතරේ යීබෝ තාමත් හොද නින්දේ පසුවිය.

ටික වෙලාවකින් යැන්සිලගේ ගෙදරින් පැමිනි අතර ජාන්ලගෙ ගෙදර සියලු දෙනාම ඔවුන්ව පිලිගන්නට විය.යැන්සි දුව විත් මමාව බදාගන්නට විය.
ජාන්ද ඔවුන්ව ඉතා කරුනාවෙන් පිලිගන්නට විය.

"මාමා පපා  i miss you..🥺"

"we too baby"

"ආ එතකොට මාව නැද්ද .."
ඒ යැන්සිගේ නන්ගිය.ඇය දැනුයි ගෙට ආවේ.

"ඕ මයි ගෝඩ් ශායා ඔයා ආවද කො කෝ එන්න බේබ් " යැන්සි ඇයව තුරුල් කරගත්තාය.

Still I Love you But, I hate you❤️💚 ( zhanyi ff●●Completed..●●)Dove le storie prendono vita. Scoprilo ora