ජීවිතය හුගක් වෙලාවට හරිම පුදුමාකාරයි. දෙයක් කලොත් කලාමයි. ඒක නවත්තන්න බෑ. ඒක හරිගස්සන්නත් බෑ. මේ ලෝකෙ කී දෙනෙක් ඇති ද මම වගේ මෝඩවුණු? මේ ලෝකෙ කී දෙනෙක් ඇතිද එහෙම දේවල් කරලා දැන් පසුතැවෙන? මට මිනිස්සුන්ට කියන්න පුලුවන් නම්............මට කියන්න පුලුවන් නම් කිසිම හේතුවක් නිසා තමන්ට හම්බවුන ඒ ලස්සන ජීවිතේට එහෙම කරගන්න එපා කියලා......ඒත් එයාලා අහයි ද ? මම එදා ඇහුවද ? හැමෝම තමන්ගෙ ප්රශ්න වලදි අසරණ යි . ගොඩක් අසරණයි. 😔 මමත් එදා එහෙමයි.
මේ ලෝකෙ හැම ගැහැනු ලමෙක්ගෙම වගේ මගෙත් පලවෙනි අරමුණ හොදට ඉගෙනගන්න එක. මම හොදට ඉගෙනගත්තා. හුගක් හොදට. මට university යන්නත් පුලුවන් වුනා. ඒත් ඊට පස්සෙ ..............university කාලෙ ගැන කියනවා නම් ඒ කාලෙ තමා මගේ ජීවිතේ සතුටින්ම ගත කරපු කාලෙ වගේම මගේ විනාශයට හේතුව . ඒක මගේ ඉරණම. 😔
~ Flashback 2 year ago ~
📞 " ජිසෝ කොහෙද ඔයා "
කුකී මම මේ එන ගමන් චුට්ටක් ඉන්න . අනේ වූබින් ඔප්පා හරියට කුඩේ අල්ලන්නකූ
📞 " ජිසෝ ඔයා වූබින් එක්කද ඉන්නෙ ?"
දේ කුකී. වේ ?
📞 " ආනියෝ ආනියෝ "
හරි හරි කුකී තියන්නම් . මම ඉක්මනට එන්නම්.
Call ended ......📲
අපි හැමෝටම ඉන්නවා ජීවිතේ හැමදේම කියන්න පුලුවන් අපිත් එක්කම ඉන්න කෙනෙක්. දෙමව්පියන් ගෙන් පස්සෙ මගේ ජීවිතේ මම වැඩිපුරම ලන් උනේ එයාට. ජියෝන් ජන්ග්කුක් . මගේ හොදම යාලුවා. චූටි කාලෙ ඉදන් මගේ හොදම යාලුවා තමා කුකී කියන්නෙ. ඔතකොට ඔයාලා බලනවා ඇති නේද කව්ද මේ වූබින් ඔප්පා කියලා. ඔව් මගේ boyfriend . වූබින් ඔප්පා තමා මගේ බෝයිෆ්රෙන්ඩ් . එයාව මට හම්බ උනේ මේ university එකේදිමයි. එදා අපි හම්බ වෙලා දවස් කිහිපයකින් අපේ බැදීම ආදරේකට හැරවුනා. අපි හුගක් සතුටින් අපේ ගමන ගියා. ❤️
YOU ARE READING
I'm sorry ❤️🥀 [ completed ✅ ]
Fanfiction" මම හැමදාමත් ඔයාගෙ හදවතේ ඉන්නවා කුකී. " දන්නවද ජිසෝ ඒ වචන වලට පුලුවන් වුනා එක සෝජු බින්දුවක් මගේ ඇගට යන එක නවත්තන්න . ඒ වගේම මගේ හදවත ඒ කියන්නෙ ඔයා ඉන්න තැන ආරක්ෂා කරන්න.😔🥀