💜️ Chapter 4 💜️

119 18 30
                                    

අදට මේ ප්‍රශ්නෙ වෙලා හරියටම අව්රුදු දෙකක් . ඒ කියන්නෙ මම බේබද්දියක් වෙලත් අව්රුද්දකට වැඩී. දැනට සතියකට කලින් මගේ කන් වලට ඇහුන දේ එදා ඇහුනෙ නැත්නම් තාමත් මම බේබද්දියක් නේද ? 💔

මට මේ ලෝකෙ දුක් වෙන්න තියෙන කාරණා වලින් මට සතුටු වෙන්න පුලුවන් එකම දේ වුනේ ජන්ග්කුක් වගේ යාලුවෙක් මගේ ජීවිතේට ආපු එක ගැන. එයා හැමවෙලේම මාත් එක්ක හිටියා . ඒත් අද ... අද එයත් නෑ. එයාට මන් නිසා ගොඩක් ප්‍රශ්න වලට මුහුණදෙන්න වුනා පහුගිය කාලෙ. එයාට එයාගෙ අප්පගෙ බල කිරීම නිසා රට යන්න වුනා එයා කොච්චර උත්සහ කලත් එයාට මෙහෙ ඉන්න බැරි වුනා. කමක් නෑ කොහොමත් මම කැමති නෑ මගේ චින්ගු මන් නිසා එයාගෙ ජීවිතේ නාස්ති කරගන්නවට. එයාට මම හැමදාටම ණයගැතී මගේ ජීවිතේ තියෙනකම්. එත් මම දන්නවා ඒකට තව වැඩි කාලයක් නෑ. 😔

ඔයාලා බලනවා ඇති නේද මම මේ කියව කියව මොනාද කරන්නෙ කියලා. මම මේ යන්නෙ කැෆේ එකට. කැෆේ එක couples වලින් පිරිලා. මම එයාලට ඉරිසියා කරනවද ? නෑ කවදාවත්ම නෑ. මම හැමදාමත් ප්‍රාර්ථනා කරන්නෙ එයාලා හැමදාමත් සතුටින් ඉන්න කියලා මගේ මුලු හදවතින්ම. ❤️☺️

" මිස් මොකද අද එහා පැත්තෙ බාර් එකට යන්නෙ නැතුව මෙහෙට ආවෙ "

සමහර දේවල් තියෙනවා අජුම්මා වෙනස් වෙන්න පුලුවන් . අපිට වෙනස් කරන්න පුලුවන් .

" ඉන්නකො මම මිස්ට කෝපි එකක් ගේන්නම්. "

හැමෝටම පුදුමයක් මගේ වෙනස් වීම. මට සතුටුයි මගේ වෙනස් වීම ගැන. ඒත් සතුටු වෙන්න තරම් කාලයක් මට නෑ. මම මගේ කාලය විනාශ කරගත්තා.

එකපාට්ටම මගේ table එකට ආවෙ මම මේ වෙලාවෙ බලාපොරොත්තු නොවුන කෙනෙක්. ඒ ඇස් තාමත් එහෙම්මමයි. ඒ හිනාව තාමත් එහෙම්මමයි. 🥺

I'm sorry  ❤️🥀 [ completed ✅ ]Where stories live. Discover now