එදා මම දැක්ක දෙයින් ඇත්තටම මගේ ඇග පන නැති වුනා. මම හැමදේටම වඩා විශ්වාස කරපු කෙනා......ඇයි එහෙම එයා මට කලේ........🥺
මම එතනින් යන්න හදද්දිම එයා මාව දැක්කා. මට තවත් කතා කරන්න ඕනෙ නැති වුනත් එයා මාව බලෙන්ම නතර කරගත්තා.
වූබින් ඔප්පා මට යන්න දෙන්න ...........😭
" මොකක්ද තමුන් හිතුවෙ මම තමුන්ට ඇත්තටම ආදරෙයි කියල ද ?"
ඔප්පා.............🥺 ඇ.. ඇත්තටම ඔ.ඔයා මට ආදරේ නැද්ද ?
" නෑ. මම ඔයාට ආදරෙයි නම් මම අර කෙල්ල එක්ක එහෙම හැසිරෙයි ද අහ් 😏"
ඔ..ඔප්පා.🥺.
" නවත්තගන්නවා ඔය ඇඩියාව. තමුන් හැමදාම හිතුවෙ තමුන් ගැන විතරයි . Exam එකේදි උනත් තමුන් තමුන්ගෙ ලකුණු ගැන විතරයි හිතුවෙ "
අ..අනේ ඔප්පා මම එහෙම හිතුවෙ නෑ කවදාවත්ම .....😭 මට ඕනෙ උනේ අපි දෙන්නගෙම සාර්ථකත්වය දකින්න. අනේ ඇයි ඔප්පා ඔයා ඔහොම ........
" අනේ යනවා යන්න තවත් බොරු නොකිය මම තමුසෙට කැමති නෑ. තමුසෙගෙයි මගෙයි අතර කිසිම බැදීමක් නෑ. " එයා එහෙම කියලා යන්න ගියා.
මම ඇඩුවා . හුගක් ඇඩුවා. මම අඩන එක සාධාරණයි නේද ? මම වෙන මොනා කරන්න ද මම පනටත් වඩා ආදරේ කරපු කෙනා මට මෙහෙම කරද්දි මට මෙහෙම කතාකරද්දි 😭 ඔයාලාට ඒක තේරෙනවද කියලා මම දන්නෙ නෑ. පොඩ්ඩක් හිතලා බලන්න ඔයා ආදරේ කරන කෙනා ඔයාට ඒම කරොත් එදාට ඔයාට දැනෙන දුකමයි එදා මට දැනුනෙ 😔
මගේ ජීවිතේ වැඩිපුරම දුක් වුන වෙලාව ඒක වෙන්න ඇති. එදා කුකී නොහිටින්න මම අද ජීවත් වෙන්නෙත් නැතුව ඇති. ඔයාලා හිතනවා ඇති නේද මම මහ මෝඩයි කියලා. ඔව් මම මෝඩයි හුගක් මෝඩයි. 😔
එදා ඉදන් දැනට සතියක් වෙනකම් මම කරපු මෝඩ වැඩේ ගැන මට කියන්නත් ලැජ්ජයි. 😔 ඒත් මොනා කරන්නද ඒක මම කරලා ඉවරයි. ඔව් මම බොන්න පටන් ගත්තා . ඔව් මම අදට සතියකට කලින් බේබද්දියක්. එදා වෙච්ච දෙයින් මගේ ජීවිතේ විනාසම වුනා. ඒත් ඒකද විනාසෙ ? මම අදටත් හිතන්නෙ මම එච්චර මෝඩ වුනේ ඇයි කියලා. මට වඩා ප්‍රශ්න මේ ලෝකෙ කී දෙනෙක්ට තියෙනවද ? ඇයි මට බැරි වුනේ මේවලට නොබී ශක්තිමත්ව මුහුණදෙන්න? ඒ ගැන මට දැන් හිතුනට වැඩක් නෑ මොකද ඒ දේවල් වෙලා ඉවරයි. මම පරක්කු යි. 😔
YOU ARE READING
I'm sorry ❤️🥀 [ completed ✅ ]
Fanfiction" මම හැමදාමත් ඔයාගෙ හදවතේ ඉන්නවා කුකී. " දන්නවද ජිසෝ ඒ වචන වලට පුලුවන් වුනා එක සෝජු බින්දුවක් මගේ ඇගට යන එක නවත්තන්න . ඒ වගේම මගේ හදවත ඒ කියන්නෙ ඔයා ඉන්න තැන ආරක්ෂා කරන්න.😔🥀