පාර්ක් ජිමින්
එයා කැමතිම අයිස් කොෆී වලට කියලා මට මතකයි. ඒකට හේතුව හැම උදේකම එයාගේ අතේ තිබුණු කොෆි මග් එක. එයා මං ඉස්සරහට ඇවිදගෙන ආපු හැටි ඉදලා එයාගේ හැම හුස්මක්ම මට මතකයි. එයාගේ මුහුද වගේ කොළ පාට ගැඹුරු ඇස් හිතුවක්කාර නමුත් පරිණත පෙනුම ජීවිතේ පාළුවෙන්ම හිටපු දවස් වලට හදිසියේ කඩා වැටුණු වැස්සක් වගේ උනා.
ඔයා ඇදන් හිටපු දිග කෝට් එකේ කෙලවරක කවුරු හරි කෙනෙක් පුංචි මලක් මහලා තිබ්බා. ඔයා වතුර වගේ සුවදයි. මට ඔයාව මතක එහෙමයි.
" ඔයා හොදින්ද ලව් " ඔයාගෙ දිගටි උණුසුමැති ඇඟිලි තුඩු මගෙ ඉන වටේ එතුනා. මම හිටියේ කදුළු පුරවගෙන වෙන්න ඇති.
" මොකක්ද උනේ ? " ඔයා මගේ ඇස් වලට එබෙමින් ඇහුවා.
මට ඔයාට උත්තර දෙන්න මතක් උනේ නැහැ. මම හිටියේ ඔයාගේ අස්සෙ ගිලිලා. මම දැන් පුංචි වෙලාවකට කලින් හොදටම හිත රිද්දගෙන හිටපු බව මට අමතක උනා.
" ඔහ්.... මේ ඇයි.... කවුද මෙහෙම කරේ " ඔයාගේ කොළ ඇස් හදිසියේ නපුරු පාට උනා. මම නොදැක්කට යුනිෆොර්ම් එකේ පැත්තක් හීනීයට ඉරිලා තිබුණා. මම හිටියේ රණ්ඩුවක පැටලිලා කියලා කියාගන්න තරම් දෛර්යක් මට එවෙලෙ තිබුනෙ නැහැ. අම්මා දැන ගත්තොත් මෙතනිනුත් මට යන්න වෙයි. ඒ නිසා ඉස්කොලේ වෙන කිසිම දෙයක් එයාට නොකියා ඉන්න මම පරිස්සම් උනා.
" ලව් ..... දිස් ඊස් නොට් ඕකේ.... " ඔයාගේ ඇස් හැගීම් ගොඩකින් පිරිලා තිබ්බා. ඔයා තවමත් මගේ අත අල්ලගෙන. ඔයා ඇත්තටම තවමත් මගේ අත අල්ලගෙන. මුළු කොලෙජ් එකම පිස්සුවෙන් වගේ කැමති අලුත් ලලිත කලා මහාචාර්යවරයා මගේ අතින් අල්ලගෙන.
YOU ARE READING
ᴬⁿd ᴬˡˡ ᵗʰᵉˢᵉ ₗᵢₜₜₗₑ ₜₕᵢₙgₛ ( vminkook ) COMPLETE
Fanfictionᴵ ᶠᴵᴺᴰ ʸᴼᵁ ᴵᴺ ˢᴬᴰ ˢᴼᴺᴳˢ ᵀᴴᴱ ˢᴼᵁᴺᴰ ᴼᶠ ᴿᴬᴵᴺ, ˢᵁᴺˢᴱᵀˢ, ˢᵁᴺᴰᴬʸˢ, ˢᴹᴵᴸᴱˢ, ᴬᴺᴰ ᴬᴸᴸ ᵀᴴᴱ ˢᴹᴬᴸᴸ ᵀᴴᴵᴺᴳˢ ...