3. මිනිත්තු දෙකක් හෝ තුනක්

668 180 54
                                    

" ඔයාට පුළුවන් ද මං වෙනුවෙන් මේ බොට්ල් එක ඕපන් කරන්න "

ජිමින් තමන් ඉස්සරහා හිටගෙන ඉන්න කාට හරි කිව්වා. ඒ කවුරු හරි කෙනා ජිමින් දිහා බලන් හිටියේ ඇස් අදහා ගන්න බැරි තරම් පුදුමයට පත් වෙලා....

" මගේ දෙවියනේ ජිමින් ... පාර්ක් ජිමින් " ජැක්සන් කෑ ගැහුවා...

" ඔහ්.... "

" මචං මේ මම ජැක්සන් .... අර තමුසෙ දවසක් නහය කැඩෙන්න ගැහුවේ.... " ජැක්සන් ජිමින්ගෙ අතින් වයින් බෝතලය ඇදලා අරගත්තේ ජිමින්ට එයා දිහාට ඇදිලා එන්න ඉඩ තියලා... නහය කැඩෙන්න නම් කීවකට ගහලා ඇද්ද

ජිමින්ගෙ ඉන වටේ අත් පටලගෙන එයාව තව දුරටත් තමන්ට තුරුළු කර ගන්න එයා පැකිළුනේ නැහැ....

ජිමින්ට ජැක්සන්ගේ ග්‍රහනයෙන් හොද උනුසුම් බවක් දැනුනේ නැහැ. ඒත් තමන්ගෙ කේන්තිය පාලනය කරගන්න හැටි එයා හොදටම දන්නවා....

" තමුසෙට ආයෙත් නහය කඩා ගන්න උවමනාවක් නැත්නම් මාව අතාරිනවා " ජිමින් ජැක්සන්ගේ කනට කරලා මිමිනුවා.

" ඔහ් බේබී රිලෑක්ස්...." ජැක්සන් කිව්වේ ජිමින්ගෙන් හිමින් ඈත් වෙන ගමන්...

ජිමින් තමන්ගෙ වයින් බෝතලේ ආයෙම ජැක්සන්ගේ අතින් උදුර ගත්තා. ආවේගයටම එයා පිටුපසට විසිවුනා.

ඒත් අවාසනාවකට වගේ එයා ඊලගට ඇගේ පටලගත්තේ එච්චර හොද මනුස්සයෙක් නෙවෙයි !

ජිමින් මේ ලෝකේ අකමැතිම තැන අකමැතිම දවස අකමැතිම හැමදේටම හේතුව කියලා කියන එකම කෙනා....

වොන් බින් !!!

ජිමින් අදටත් වැඩියෙන්ම වෛර කරන කෙනා

වොන් බින්!!!

මූණ චප්ප වෙන්න දීලා ස්වර්ගස්ත කරන්න තරම් ආස හිතෙන එකම කෙනා

වොන්බින්!!!

" හෙලෝ ස්විට්හාට් ........ ඔයා අද එනවා කියලා මම දැනගෙන හිටියා " එයා කිව්වේ ජිමින්ගෙ පුංචි අතක් තදින් මිරිකන ගමන්...
" ඔහ්... ඔයාට තාම ඔයාගේ කප්කේක් එක හම්බුනෙ නැද්ද... " එයා ඇහුවා....

ජිමින් තමන්ගෙ අතේ තියෙන වයින් බෝතලය එසෙව්වේ වොන්බින් මැරිලා යන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්.... ඒත් ඊට කලින් ඉක්මන් උනු කාගේදෝ ශක්තිමත් හුරු පුරුදු ස්පර්ශයක් ජිමින්ව වැලැක්වුවා...

ᴬⁿd ᴬˡˡ ᵗʰᵉˢᵉ ₗᵢₜₜₗₑ ₜₕᵢₙgₛ ( vminkook ) COMPLETENơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ