1. තත්ත්පරයක්

1K 200 19
                                    

" කිම් .... ෆ්‍රොෆෙසර් කිම් දෙයියනේ ⁣ඔයා වෙනස් වෙලා...... " කලා අංශයේ නව ප්‍රධානි තුමා, මීට අවුරුදු පහකට කලින් නම් එයා තමයි විද්‍යාලයේ කොරියානු සාහිත්‍ය හා භාශා ගුරුවරයා උනේ. " ඔයා එන්න එන්නම තරුණ වෙනවානේ ෆ්‍රොෆෙසර් "

උසස් විද්‍යාලයේ ලලිත කලාව ඉගෙන ගන්න ආපු ශිශ්‍යයන්ට විශේෂ ගුරුවරයෙක් වශයෙන් කිම් තේහියුන්ව⁣ ගෙන්නන්න මුල් තැන ගත්ත කෙනෙක් තමයි ආචාර්ය දොබොන්සොන් කියන්නේ. දැන් එයා කලා අංශයේ ප්‍රධානියා බවට පත් වෙලා අවුරුදු දෙකකට වැඩියි.

තේහියුන් තමන්ගෙ පුරුදු හිනාවෙන් සංග්‍රහ කරා... තවමත් පාසල් භූමිය සම්පුර්ණයෙන්ම උණුසුම් වෙන්න පටන් අරන් තිබුනේ නැහැ. තැන් තැන් වල පැරණි කතා බහ වල නිරත වෙන පැරණි මතක අවුළුවන කොල්ලෝ කෙල්ලොන්ගෙ හිනා හඩට අමතරව ඉස්සර පාසලේ ආචාර මණ්ඩලයට හොරෙක් බීර වීදුරුවක් තොල ගාපු ⁣කෙනෙක් දෙන්නෙක් ඇති පදමට පැත්තක තිබුනු බාර් ඒරියා එකෙන් බොන්නත් පටන් අරගෙන තිබුණා.

ඒ දෙසැම්බරේ මුල හරිය. නත්තල් නිවාඩුව අල්ලලාම පැරණි ආචාර මණ්ඩලයත් ආදි සිසුන් එකමුතුවත් පාසලේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා අවුරුද්දකට දෙකකට වතාවක් පවත්වන මේ වගේ සාදයකට තේහියුන් එන්නම ඕනෙ කියලා එකක් තිබුනෙ නැහැ. ඒත් මෙදා පාර සාදය සුදානම් කරලා තිබුනෙ තේහියුන්ට කවදාවත් අමතක නොවන අවසාන අවුරුද්ද ගත කරලා පාසල හැර ගියපු බැජ් එකක්. එයාට නෑවිදින් බැරි උනා. මොකද එයා තමයි එයාලගේ ලලිත කලා ගුරුවරයා උනේ...

තේහියුන් ව⁣ට පිට බැලුවා.

දේවල් කොච්චර වෙනස් වෙලාද.

උසස් පාසලේ වෙනදා තිබුණු බිත්තිවල පැහැයේ ඉදලා හැමදේම වෙනස් වෙලා. අලුත් ගුරුවරු. අලුත් ලමයි. අලුත් ඉගෙනුම් පරිසරයක්. හැමදේම අලුත්....

තේහියුන් තමන්ගෙ දිග කබා සාක්කුවෙන් අත් මුදවගත්තා. තරමක් දිගට වැවුණු කොන්ඩ ගස් අස්සෙන් දැනෙන විශාල සීතල විදගන්න වගේ එයා සිගරැට්ටුවක් දල්ව ගෙන පිරිසෙන් ඉවතට ඇවිදින්න පටන් ගත්තා....

තමන් මොන කෙහෙල් මලකට මේ නීරස උත්සව අවස්ථාවට සහභාගී උනාද කියලා දැනගෙන හිටියේ කිම් තේහියුන් විතරයි .....

ᴬⁿd ᴬˡˡ ᵗʰᵉˢᵉ ₗᵢₜₜₗₑ ₜₕᵢₙgₛ ( vminkook ) COMPLETENơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ