9. පැය විසිහතරක් ඒ කියන්නෙ මිනිත්තු එක්දාස් හාරසිය හතලිහක්

789 179 22
                                    

ජිමින් හිටියේ එයාලා වෙනුවෙන් උයන ගමන්. එයා අනවසරෙන්ම තේහිය්‍යුන්ගේ ක්ලොසෙට් එක අවුස්සලා එයාට හොදයි කියලා හිතෙන ඇදුමකුත් අරන් ⁣බාත්රූම් එකට රිංග ගත්තෙ ජන්ග්කුක්ටයි තේහිය්‍යුන්ටයි ඕන එකක් කරගන්න ඉඩ දිලා වගේ.

ඒක තේහිය්‍යුන්ගේ ගෙදරමද කියලා ජන්ග්කුක්ට සැක හිතුනෙ ජිමින් තමන්ගෙ ගෙදර වගේ එහෙ මෙහෙ ඇවිදින්න තියා ගත්ත නිසා....

හොද නෑමකට පස්සෙ එයා රාමෙයොන් පැකට් ගෝඩාක් තේහිය්‍යුන්ගේ අමුතු මුළුතැන්ගේයින් හොයා ගත්තා. තේහිය්‍යුන්ගේ ගෙදර මිනි ශීතකර⁣නයෙ මෙලෝ දෙයක් තිබ්බේ නැ. එක කාමරේක තේහිය්‍යුන්ගේ ලොකුම ලොකු සනීප ඇද තිබුණා. අනෙක් කාමරේ සම්පුර්ණයෙන්ම තිබුනෙ පොත් ගොඩාක් තවත් කාමරයක් සම්පුර්ණයෙන්ම හිස් . තැන් තැන් වල තේහිය්‍යුන් බාගෙට නිම කරපු අමුතු කලා නිර්මාණ කිහිපයක් තියන හැටි ජිමින් දැක්කා. ඒ කුඩා නිවස මනුස්සයෙක් ජීවත් වෙන තැනක් වගේ කොහෙත්ම පේන්න තිබුනෙ නැහැ.

" ඊයව්........ " ජිමින් තේහිය්‍යුන් මෙලෝ දවසක පාවිච්චියට ගත්තෙ නැ කියලා හිතපු ලොකු නන්ස්ටින් බාජනයකට ඩිශ්වොෂර් හැලුවා. ඊට පස්සෙ එයා රාමෙයොන් ටික හැදෙන්න තියලා හිමීට තේහිය්‍යුන්ගේ කාමරේ පැත්තට ඇවිදගෙන ගියා.

තේහිය්‍යුන් හිටියේ ජන්ග්කුක්ගේ මූණට එබිලා....
ජිමින්ගෙ හිත යන්තමට රිදෙනවා.
එයා දන්නවා එයා තේහිය්‍යුන්ට කොච්චර කැමති වෙලා ඉන්නවද කියලා . ඒත් ජන්ග්කුක් තමන්ව කෙයා නොකර තේහිය්‍යුන්   දිහා බලන් ඉන්න එක ජිමින්ව වේදනාවට පත් කරන්නෙ ඇයි කියලා එයා දැනගෙන හිටියේ නැහැ....

එයාලා ඕනවට වඩා එයාලා දිහා බලන් ඉන්න එක ජිමින්ව අපහසුතාවයට පත් කරා.
එයාට ඉරිසියයි ද

" යා !!....... " ඉතින් එයා කෑගැහුවා

" ඔයාලා දෙන්නා හැම වෙලෙම කපල් එකක් වගේ හැසිරෙන්නේ ඇයි "

.
.
.

⁣ජිමින්ගේ ලස්සන බණ්ඩිය දැක්කට පස්සෙ තේහිය්‍යුන් හිටියේ ⁣ජිමින්ව හපලා ගිලින්න බැරි නිසා ඒ ගැන නොහිතා ඉන්න තරම් වෙහෙසෙන ගමන්. එයාට මේ දැන් ජිමින්ව තුරුළු කරගෙන කම්මුල් චප්ප කරන්න ඕනෙ උනා. ඒත් ඒකෙන් ජන්ග්කුක් හිත රිද්ද ගන්න බව එයා දැනගෙන හිටියා.

ᴬⁿd ᴬˡˡ ᵗʰᵉˢᵉ ₗᵢₜₜₗₑ ₜₕᵢₙgₛ ( vminkook ) COMPLETEWhere stories live. Discover now