" ශට් ද ෆකප් " ජන්ග්කුක් හිටියේ වොන්බින්ගේ බෙල්ලෙන් අල්ලගෙන ඒ වගේම.... එයාලා දෙන්නම හිටියේ ලේ පිපාසෙන් වගේ. සමහර අවුල් තාම ලිහිලා නැ. ඉවර කරගන්න බැරි වෙච්ච දේවල් කවර් කර ගන්නත් එපැයි!
" ඒක කරේ උබ කියලා මම දන්නවා " ජන්ග්කුක් ගෙරව්වා.
" උබ ජිමින්ට කැමතියි උනාට ජිමින් කැමති උබට නෙවෙයි.... බූරුවා " වොන්බින් කිව්වා...
" කටවහපන් " ජන්ග්කුක් කෑගැහුවා.
පලවෙනි පාර ගැහුවේ කවුද කියලා මම නම් දන්නෑ.....
හැබැයි දෙවනි තුන්වෙනි පාර කනකොට ජන්ග්කුක් බිමට ඇදගෙන වැටුණා. එයා නැගිට්ටේ වොන්බින්ව මරන් කන්න තරම් කේන්තියෙන් !!!!
ඉතින් යුද්ධෙ පටන් ගත්තා......
.
.
.
.
.
.ජිමින් හිටියේ සීතලේ ඒත් එයාට යන්තමටවත් සීතලක් දැනේන්නෙ නැහැ. එයා හිටියේ තේහිය්‍යුන්ගේ සුවදින් මත්වෙලා... වයින් බිංදුවකට වඩා තේහිය්‍යුන් ලග ඉන්නකොට එයාට එයාව භ්‍රමණය වෙනවා වගේ දැනෙන්න ගත්තා.
" ජිමින් ..... අපි ඇතුලට යන්න ඕනේ " තේහිය්‍යුන් කිව්වා. ජිමින් තවම ඉන්නේ එයාගෙ සම්පුර්ණ බරම තේහිය්‍යුන්ගේ පපුව උඩට දිය කරලා. එයාට මේ හැමදේම පුදුම සනීපයි......
" ම්හ්..... බැහැ..... මට ඔයා එක්ක ඉන්න ඕනේ....මෙහෙම.... " ජිමින් ඔහෙ දෙඩෙව්වා....
" බට්.... ලව්..... දැන් සීතල වැඩි වෙනවා.... " තේහිය්‍යුන් කිව්වා. අහස පැහැදිලියි. හිම වැස්සක් එන්න හොදටම ඉඩ කඩ වැඩියෙනුත් තියෙන්නෙ ඒකයි....
" බට් ෆ්‍රොෆෙසර් ..... මට ඔයාට කියන්න ගොඩා....ක් දේ තියනවා " ජිමින් මුරණ්ඩු උනා. එයා තමන්ගෙ ඇගිලි වලින් තේහිය්‍යුන්ගේ පපුවට ඇන්නා... කට උල් කරගෙන එයා විස්තර කරන්න පටන් ගත්තා.
" ඔයා දන්නවද මාම් මාව මෙහෙන් අරන් ගියා.... අවුරුදු පහක් ෆ්‍රොෆෙසර් ..... ෆයිව් ඉයර්ස්... ඉට් ඊස් අ ලෝන්ග් පිරියඩ්.... දෙයියනේ ඔයා මැරි කරාද... ආ මට කියන්න එපා ඔයා කොහෙ හරි කෙල්ලෙක් අල්ලගෙන බැද ගත්තා කියලා නම්... "
තේහිය්‍යුන් තමන්ගෙ යටිතොල තදින් හපාගත්තා. ජිමින් හරිම හුරතල් පාටයි. තේහිය්‍යුන්ගේ හදවත අමුතු කිතියකින් ඇවිලෙද්දි එයා ජිමින්ගෙ අතකින් අල්ල ගත්තා...
DU LIEST GERADE
ᴬⁿd ᴬˡˡ ᵗʰᵉˢᵉ ₗᵢₜₜₗₑ ₜₕᵢₙgₛ ( vminkook ) COMPLETE
Fanfictionᴵ ᶠᴵᴺᴰ ʸᴼᵁ ᴵᴺ ˢᴬᴰ ˢᴼᴺᴳˢ ᵀᴴᴱ ˢᴼᵁᴺᴰ ᴼᶠ ᴿᴬᴵᴺ, ˢᵁᴺˢᴱᵀˢ, ˢᵁᴺᴰᴬʸˢ, ˢᴹᴵᴸᴱˢ, ᴬᴺᴰ ᴬᴸᴸ ᵀᴴᴱ ˢᴹᴬᴸᴸ ᵀᴴᴵᴺᴳˢ ...