" යා...... ඕක නවත්ත ගන්නවා " තේහිය්‍යුන් කෑ ගැහුවා.
ජිමින් හිටියේ වොන්බින්ගේ කර උඩ නැගලා. එතකොට ජන්ග්කුක් හිටියේ බිම වැටිලා කරවල කෑල්ලක් වගේ චප්ප වෙලා වොන්බින්ගේ කකුලේ එල්ලිලා. දැනටමත් එයාගේ නහයෙන් කටෙන් ලේ ගලනවා. එතකොට ජිමින් .... එයා ගින්දර වගේ දිලිසෙනවා. රෝස පාට අවුල් කොන්ඩේ රතු වෙච්ච දරුණු ඇස් .....
" යා පාර්ක් ජිමින් ..... මම කිව්වේ ඕක නවත්ත කියලා " තේහිය්‍යුන් ජිමින්ව උස්සලා අරගෙන පැත්තකින් තිබ්බා... ජිමින් උගුර යටින් ගෙරෙව්වා.
ජන්ග්කුක් යන්තමට වොන්බින්ගේ කකුල අතැරියා. එයා පස්සෙන් ඉස්සිලා පොඩි වෙලා තිබ්බ එයාගේ සෙක්සි ඇදුම හදා ගත්තා... තේහිය්‍යුන් එයා දිහාට නැමුනත් ජන්ග්කුක් එයාව තල්ලු කරලා දැම්මා....
" මා ව අල්ලන්න...න එපා " ජන්ග්කුක් කියෙව්වා...
වොන්බින් හිටියේ හොදටම ගුටි කාලා. ඊට නොදෙවෙනි විදිහට ජන්ග්කුක් හිටියෙත් හොදින් නෙවෙයි....
තේහිය්‍යුන් ලොකු හුස්මක් අරන් දඟලන ජන්ග්කුක්ව ඇදලා අරගන්න වෙහෙසුනා. ජන්ග්කුක් අලියෙක් වගේ බරයි. මේ මස් ගොඩ කොහොම කන්ට්‍රොල් කරන්නද
" අත්..තා...රිනවා.... යා....." ජන්ග්කුක් දිගටම දෙඩෙව්වා... ජිමින් අඩියක් ඉස්සරහට තියලා ජන්ග්කුක්ගේ උරහිස් තමන්ට වාරු කර ගත්තා.
" ජන්ග්කුකී..... මම .... මේ මම.... රිලැක්ස් " ජිමින් සම්පුර්ණයෙන්ම තමන් දිහාට ජන්ග්කුක්ගේ මූණ හරවගත්තා. " ඌහ්..... ඔයාට රිදෙනවද .... ගෝඩ් ඔයාගේ මූණ ඉවරයි.... මෝඩයා.... " ජිමින් හොදටම හුරතල් පාට උනා. එයාගේ දුක පාට ඇස් දැක්කම ජන්ග්කුක්ට සතුටු හිතුනා...
" රිදෙනවද " ජිමින් ජන්ග්කුක්ව සම්පුර්ණයෙන්ම පැත්තකින් තුරුළු කර ගත්තා. එයාටත් තවම කෙලින් ඉන්න බැ... ඒකෙන් උනේ තේහිය්‍යුන්ගේ පැත්තට ජිමින්ගෙ හේත්තුවෙත් බර වැඩි වෙච්ච එක.... තේහිය්‍යුන් ලොකු හුස්මක් අරගත්තා. එයා දන්නවා එයා නිකමට හරි මේ නසරානි කරදරකාරයව අතැරියොත් ජිමින් ජන්ග්කුක් දෙන්නත් එක්කම ආයෙම ඇදගෙන බිම වැටෙනවා කියලා ...
BẠN ĐANG ĐỌC
ᴬⁿd ᴬˡˡ ᵗʰᵉˢᵉ ₗᵢₜₜₗₑ ₜₕᵢₙgₛ ( vminkook ) COMPLETE
Fanfictionᴵ ᶠᴵᴺᴰ ʸᴼᵁ ᴵᴺ ˢᴬᴰ ˢᴼᴺᴳˢ ᵀᴴᴱ ˢᴼᵁᴺᴰ ᴼᶠ ᴿᴬᴵᴺ, ˢᵁᴺˢᴱᵀˢ, ˢᵁᴺᴰᴬʸˢ, ˢᴹᴵᴸᴱˢ, ᴬᴺᴰ ᴬᴸᴸ ᵀᴴᴱ ˢᴹᴬᴸᴸ ᵀᴴᴵᴺᴳˢ ...