මේ දේවල් කොහොම කොහෙන් පටන් ගත්තද කියලා කියන්න මම දන්නෙ නැහැ... හැබැයි ඒ දේවල් එහෙම සිද්ධ උනා..
ජිමින් හිටියේ උඩ පනින ගමන් එයාගේ රෝස පාට කොණ්ඩේ එහෙ මෙහෙ ගැස්සෙන හැටි විශාල කණ්ණාඩියට එබිලා බලන ගමන්. එයාගේ ටස්ල් ඉයරින්ග්ස් ලස්සන පාටට දිලිසුනෙ එයාගෙ ලස්සන ප්ලෆි තොල් ඉස්මතු කරන ගමන්. අද එයා හැමදාම වගේ සමහර විට ඊටත් වඩා කඩවසම් සහා සරාගී උනා...
ජිමින් තමන්ගෙ රූපලාවණ්‍ය කටයුතු වලින් පස්සෙ ලස්සනට ඇවිදගෙන ගියේ තවමත් තේහිය්‍යුන් නහයෙන් අඩන සද්දේ ඇහෙන පැත්තට.
තේහිය්‍යුන්ගේ රෝස පාට කෝට් එකේ ලස්සන බට්න්ස් කිහිපයක් අල්ලන ගමන් එයාගේ මූණට ඇදිලා තියන පෙනුම සාමාන්‍ය අතට හරවන්න උත්සාහ කරන ජන්ග්කුක්ව දැක්කම ජිමින්ට හිනා නොවී ඉන්න බැරි උනා....
" ජිමිනී......." ජන්ග්කුක් හරිම මහන්සි පාටට කිව්වා.
ටේහිය්‍යුන් හිටියේ මූණ බෙරි කරගෙන.. එයා ජිමින් දිහා බැලුවෙත් ඒ මූඩ් එකෙන්මයි. හැබැයි එයාගේ ජිමිනිව හරියටම දැක්කම ටේහිය්‍යුන්ගේ බෙරි මූණ චෙරි වගේ රතු වෙලා ලස්සන හිනාවක් ඇදුනා.... " ලව්......."
ජිමින් තේහිය්‍යුන්ගේ කම්මුලකට හාද්දක් තවරන ගමන් ජන්ග්කුක්ගේ දෙතොල් වලට එබුනා...
ජන්ග්කුක් ජිමින්ගෙ ලස්සන ඇදුමේ හැඩ බලන්න ගත්තේ ඊට පස්සෙ ... ෆර්ෆෙක්ට් ..... ඒ එයාගේ හිතේ ජිමින් වෙනුවෙන් මැවුණු හීනය. එයාගේ අත් වලින් හැඩ වෙලා පැෂන් ඉන්ඩ්‍රස්ට්‍රියට අලුතෙන්ම එකතු වෙන ඇදුම් නිර්මාණයක්. ජන්ග්කුක් අන්තිමේ තීරණය කරලා තිබ්බා එයාගේ නිර්මාණ එකතුවෙන් හොදම ටිකත් එක්ක එයාගේ අලුත්ම ඇදුම් නිර්මාණය එකතු කරලා විශේෂ නිර්මාණ එකතුවක් විදිහට ඉදිරිපත් කරන්න .
ජන්ග්කුක්ගේ අතින් නිමවෙන ඕනෙම ඇදුමකට ඉන්ඩ්‍රස්ට්‍රි එකේ හොදම ඉල්ලුම ලැබුණු හේතුව හින්දම එයාගේ අලුත්ම නිමැවුම ගැන හැමතැනම නොයෙකුත් දෙනා කතා කරන්න පෙළබුනා. හැමෝම බලාගෙන හිටියේ එයා මේ වතාවේ හදුන්වාදෙන අලුත්ම මෝස්තර නිර්මාණය මොකක් වෙයිද කියලා . ඒත් වෙනදා වගේ ඉන්ඩ්‍රස්ට්‍රි එකේ කිසිම මොඩ්ලර් කෙනෙක්ට ජන්ග්කුක් තමන්ගෙ නිර්මාණය වෙනුවෙන් පෙනී සිටින්න ආරාධනා නොකරපු එක එයාලව පිස්සු වැට්ටුවා.
BẠN ĐANG ĐỌC
ᴬⁿd ᴬˡˡ ᵗʰᵉˢᵉ ₗᵢₜₜₗₑ ₜₕᵢₙgₛ ( vminkook ) COMPLETE
Fanfictionᴵ ᶠᴵᴺᴰ ʸᴼᵁ ᴵᴺ ˢᴬᴰ ˢᴼᴺᴳˢ ᵀᴴᴱ ˢᴼᵁᴺᴰ ᴼᶠ ᴿᴬᴵᴺ, ˢᵁᴺˢᴱᵀˢ, ˢᵁᴺᴰᴬʸˢ, ˢᴹᴵᴸᴱˢ, ᴬᴺᴰ ᴬᴸᴸ ᵀᴴᴱ ˢᴹᴬᴸᴸ ᵀᴴᴵᴺᴳˢ ...