තේහිය්‍යුන් හිටියේ හරියටම ග්‍රවුන්ඩ් එක මැද්දේ හිටගෙන අහස දිහා බලාගෙන දුම් උගුරක් අදින ගමන්.
ඉද හිටෙක එහෙ මෙහෙ දුවන ජෝඩුවක් , සාදයට ඇතුලු වෙන තැන අහගන්න නැවතුනු කෙනෙක් ඇරෙන්න ඒ හරියට වෙන කෙනෙක්ට එන්න හේතුවක් තිබුනෙ නැහැ. කවදාවත් නැතිව තේහිය්‍යුන්ට මේ ජිවිතේ කොච්චර පාළුද කියලා දැනේන්න පටන් අරන් තිබුණා.
එයා දෙවනි Marlboro සිගරෙට්ටුව පැකැට්ටුවෙන් එලියට ඇද්දා. කබා සාක්කුවේ එහෙ මෙහෙ අත් දුවවන ගමන් තේහිය්‍යුන් හෙව්වේ ලයිටරය....
" ආයිශ් වැටිලවත්ද " තේහිය්‍යුන් තමන්ටම කියා ගත්තා.
ඒත් කුඩා ටීක් හඩකින් තමන්ගෙ කන ලගින්ම ඇහුනු ලයිටරයක් දැල්වෙන ශබ්දයට තේහිය්‍යුන්ගේ අවදානය ඉක්මනින් යොමු උනා.
එයා ඉස්සරහා හිටගෙන හිටියේ කොක්ටේල් වීදුරුවක් අතින් ගත්ත තමන් තරමටම උසැති තරුණයෙක්....
" ස්තුතියි " තේහිය්‍යුන් තමන්ගෙ සිගරැට්ටුව දල්වගෙන තරුණයට කිව්වා.
" ඔයාට ....... " තේහියුන් තමන්ගෙ Marlboro සිගරට් පෙට්ටිය තරුණයා දිහාට දිගු කරන ගමන් ඇහුවා
" මම සිගරට් බොන්නෙ නැහැ. ඒක අන් හෙල්දි " තරුණයා මිමිනුවා.
තේහිය්‍යුන්ගෙ මූණේ සිනහවක් ඇදිලා නොපෙනී ගියා.... " ඒත් ඔයා කොක්ටේල් බොනවා ..... " තේහියුන් කිව්වා.
" මම සොෆ්ට් ඩ්‍රින්ක්ස් ගන්න කෙනෙක් මිස්ටර්. ඇත්තටම මට බොන්න ඕනෙම කියලා එකක් නැ. මම ටිකක් නර්වස් දවසක් අද. ඉතින් ඒ හින්දා ...... චුට්ටක් විතර..... " ජන්ග්කුක් මුණේ හිනාවක් පුරවගෙන බෙල්ල පිටුපසට අත යැව්වා. එයා ඇත්තටම හිටියේ නර්වස් වෙලා තමයි.
" ඔහ්..... එහෙනම් ඔයා මම ස්මෝක් කරන තැන ඉන්න එකත් හරි නෑ මිස්ටර්.... ම්ම්ම්.... " තේහිය්‍යුන් ජන්ග්කුක් දිහාට තමන්ගෙ දකුණත දිගු කරා.
ජන්ග්කුක් හරියටම තේහිය්‍යුන් දිහා තමන්ගෙ අවධානය යොමු කරේ දැන්. තේහියුන් උසයි. කඩවසම්. පරිතන පෙනුමයි. එයාගේ කොණ්ඩේ තිබුණු අපිලීවෙල පෙනුමට ජන්ග්කුක් චුට්ටක්වත් කැමති උනේ නැ. ඒත් ඒ පෙනුම තේහියුන්ට හොදින්ම ගැලපුනා. ඒක ජන්ග්කුක්ට පිළිගන්න උනා.
YOU ARE READING
ᴬⁿd ᴬˡˡ ᵗʰᵉˢᵉ ₗᵢₜₜₗₑ ₜₕᵢₙgₛ ( vminkook ) COMPLETE
Fanfictionᴵ ᶠᴵᴺᴰ ʸᴼᵁ ᴵᴺ ˢᴬᴰ ˢᴼᴺᴳˢ ᵀᴴᴱ ˢᴼᵁᴺᴰ ᴼᶠ ᴿᴬᴵᴺ, ˢᵁᴺˢᴱᵀˢ, ˢᵁᴺᴰᴬʸˢ, ˢᴹᴵᴸᴱˢ, ᴬᴺᴰ ᴬᴸᴸ ᵀᴴᴱ ˢᴹᴬᴸᴸ ᵀᴴᴵᴺᴳˢ ...