ජිමින් වේගයෙන් තමන්ගෙ වයින් බෝතලේ ඉවර කරා....
අඩියට යනකම්ම හැබැයි චුට්ටක් තවම ඉතුරුයි... එයා සම්පුර්ණයෙන්ම වගේ මත් වෙලා හිටියේ... සද බොද වෙලා එයාගේ හිනී ඇස් අස්සෙන් හිනා උනා. හදක් තිබ්බේ නැ. ඒ පහන් කණුවක දැල්වෙන ලොකු විදුලි බුබුලක් ජිමින් ......
කොහෙන්දෝ ආපු සිගරට් සුවදක් දිගේ ජිමින් ඇදිලා ගියේ එයාගේ මත් බව සිගරැට්ටුවක් අදින්න එයාට පොලබවපු නිසා... ඒක පිස්සුවක්.... ඒත් එයාට හොදක් දැනෙමින් තිබුණා...
ජිමින් හිටියේ හරියටම ඊලග පහන් කනුවක් ලග හිටපු උස රූපේ දිහා බලාගෙන.... උසම උස... ගෝනිබිල්ලෙක් වගේ මූණට කඩන් වැටුණු කොණ්ඩේ අවුල් කරගත්ත...
" ඒයි මනුස්සයා " ජිමින්ගේ මත් කඩහට කියෙව්වා.... " අයි නීඩ් අ ෆකින් සිගරට්.... "
.
.
.
.තේහියුන් හිමිට ජිමින් ඉන්න පැත්තට හැරුනා....
කට බෙරි කරගෙන බාගෙට ඉවර වයින් බෝතලයක් අතින් අරගත්ත කොල්ලෙක් තමන් ඉස්සරහා හිටගෙන ඉන්නවා .... කම්මුල් පිම්බිලා එයාට මහන්සි පාටයි. කළුවරේ දිලිසෙන රෝස පාට කොණ්ඩේ එයා පැලදගෙන ඉන්න ආබරන තරුණයට ධනවත් බවක් ආරූඪ කරා....
" යා.... මනුස්සයා තමුන්ට ඇහෙන්නැද ආ..... ඔයා හොල්මනක්ද ... කෝ බලන්න.... " ජිමින් අඩියට දෙකට තේහියුන් ලගට ආවා.. ඊලගට එයා කරේ තේහියුන්ව හොදට පරීක්ෂා කරන එක.... එයා තේහියුන්ගේ නහය හොදට මිරිකුවා..පස්සෙ එයාව දෙපැත්තට හෙල්ලුවා... එයා ඉස්සරහා හිටගෙක ඉන්න කොල්ලා කොච්චර කඩවසම්ද කියලා දැනෙනකොට ජිමින්ගෙ කටින් ඉක්කාවක් එලියට පැන්නා... ඒ ඉක්කාව නවත්ත ගන්න ජිමින් තව වයින් උගුරක් අමුවෙන්ම බීලා දැම්මා.... " ම්හ් ඔයා හොල්මනක් නෙවෙයි හැන්ඩ්සම් ..... ඔහ් ඔයා මිනිහෙක් " ජිමින් කිව්වා.
ජිමින් කියපු මුකුත්ම තේහිය්‍යුන්ට ඇහුනෙ නැ. එයා දැක්කේ මොන මොනවා හරි මිමිණෙන ජිමින්ගෙ ලස්සන ෆල්ෆි තොල් විතරයි .....
තේහියුන් හිටියේ ඇත්තටම අනන්තයේ... අනන්තයෙනුත් එයා කොහෙ හරි පරිස්සම් තැනක...... ආහ් දෙවියනේ එයා දන්නවා..... එයාට මතකයි.... ඒ පුංචි හැමදේම එයාට මතකයි. අන්තිම දවසේ තමන් දිහා කදුළු පුරවගෙන බලන් හිටපු ජිමින්....
YOU ARE READING
ᴬⁿd ᴬˡˡ ᵗʰᵉˢᵉ ₗᵢₜₜₗₑ ₜₕᵢₙgₛ ( vminkook ) COMPLETE
Fanfictionᴵ ᶠᴵᴺᴰ ʸᴼᵁ ᴵᴺ ˢᴬᴰ ˢᴼᴺᴳˢ ᵀᴴᴱ ˢᴼᵁᴺᴰ ᴼᶠ ᴿᴬᴵᴺ, ˢᵁᴺˢᴱᵀˢ, ˢᵁᴺᴰᴬʸˢ, ˢᴹᴵᴸᴱˢ, ᴬᴺᴰ ᴬᴸᴸ ᵀᴴᴱ ˢᴹᴬᴸᴸ ᵀᴴᴵᴺᴳˢ ...