7.මේකනම් විකාර වෙලාවක්

631 178 23
                                    

තේහිය්‍යුන් මුලින්ම කරේ ජන්ග්කුක්ට පහසු වෙන විදිහට එයාව කොට්ටෙකට හේත්තු කරන එක. ජන්ග්කුක් බීලා හිටපු එකත් එක්ක එයාට එන්නත් කරපු බෙහෙත හොදට වැඩ කරලා තිබ්බ නිසා එයා තවමත් හිටියේ මත් ගතියෙන් වගේ.

ඒ උනත් ජිමින් වෙනුවට තේහිය්‍යුන්ව දැක්කහ එයාට මල පැන්නා.

" සර්... මෙතනින් ඔයාට අත්සන් කරන්න පුළුවන් ද " හෙදිය ඇහුවා. තේහිය්‍යුන් ඉක්මනින් හෙදිය පෙන්නපු ලියවිල්ලට අත්සනක් දැම්මා.

ජන්ග්කුක්ට තේහිය්‍යුන්ගේ හුස්ම දැනුනෙත් හුස්මක තරම් දුරින්. එයා හිටියේ ජන්ග්කුක්ගේ බැන්ඩේජ් කරපු උරහිස පරික්ෂා කරන ගමන්.

තේහිය්‍යුන්ගේ උණුසුම් හුස්ම වැදෙනකොට ජන්ග්කුක් හිටියේ හරිම අපහසුවෙන්. ඒ මදිවට ජිමින් පේන්නවත් නැ....

" ඔයාට දැන් කොහොමද " තේහිය්‍යුන් අන්තිමේ ජන්ග්කුක්ව ⁣පරික්ශා කරලා ඉවර වෙලා කිව්වා.

ජන්ග්කුක් ඒකට උත්තර දෙන්න වෙහෙසුනෙ නැහැ. එයාට යන්තමට නිදි මතයි.

" ජන්ග්කුක් ..... ආහ්..... ඔයාට දැන් ගෙදර යන්න පුළුවන් ... මම හිතන්නෙ තව පැය දෙක තුනකින්.... අන්තිම වතාවට ඩොක්ට ඔයාව චෙක් කරාම " තේහිය්‍යුන් කිව්වා. ජන්ග්කුක් ඒත් එයාව ගනන් ගත්තේ නැහැ.

තේහිය්‍යුන් දිග හුස්මක් හෙලුවා.

එයා හැදුවේ එතනින් පිටවෙලා යන්න.

" සර්, සමාවෙන්න .... " ආයෙම කාමරේට මතුවුන හෙදිය අමාරු හිනාවක් එක්ක කිව්වා. " අර ඔයා එක්ක හිටපු පිරිමි ලමයා .... එයා .... එයාට පේෂන්ට් බලන්න ඕනෙ කියලා ..... ඩොක්ටර් කෙනෙක්ට කෑගහනවා.... ඔයා⁣ට චුට්ටක් "

තේහිය්‍යුන් ඔක්කොම දාලා ඒ පැත්තට දිව්වා.

ජන්ග්කුක්ගේ කට කොනකින් යන්තම් හිනාවක් ඇදිලා නොපෙනී ගියා.....

.
.
.
.

" ජන්ග්කුකී........ " ජිමින් තොල් පෙරලගෙන ජන්ග්කුක්ගේ අතකින් අල්ල ගත්තා.

ජන්ග්කුක් හිටියේ තවමත් මත් හිදුනෙ නැති ඇස් වලින් උනත් එයා සම්පුර්ණ ජිමින් එක්ක හිනා උනා....

ᴬⁿd ᴬˡˡ ᵗʰᵉˢᵉ ₗᵢₜₜₗₑ ₜₕᵢₙgₛ ( vminkook ) COMPLETEOnde histórias criam vida. Descubra agora