මේ අතරෙ මිනිස්සු ටාටාට කෑම ගෙනත් දෙන එක නතර කරා. ඊටපස්සෙ ටාටා ගෙවල් ගානෙ ගිහින් ඉල්ලන් කන්න පුරුදු උනා .... 🙄
ඒ උනත් ටාටා කම්මැලියෙක් විදිහට ගමේ කතාබහට ලක්වුණ නිසා ගෙවල්වලින් එහෙම කෑම දෙන එකත් ඉක්මණින්ම නතර උනා .... 😐
ඉතින් ටාටා එයාගෙ අඩුපාඩු සපුරගන්න අළුත් ලේසි වැඩක් කරන්න පටන් ගත්තා .... 😁
ඒ තමයි ගමේ තියෙන කෙසෙල් වතුවලින් හොරෙන් කෙසෙල් කැන් කපලා විකුණන එක .... 🍌
ටාටා මේ වැඩේ පුරුද්දක් විදිහට දිගටම කරගෙන ගියා .... 😶
එක දවසකුත් ටාටා පුරුදු විදිහටම කෙසෙල් කැන් හොරකමේ ගියා .... 🍌😶
ටාටා නොහිතපු විදිහට එදානම් කෙසෙල් වත්තෙ අයිතිකාරයාගෙ අතටම ටාටාව අහුවුණා .... 😥😲😟
YOU ARE READING
👨❤️👨 .... ටාටා සහ සුමිතුරෝ .... 👨❤️👨
Humorඕනෑම දෙයක් ඕනෑවට වඩා වැඩිවීමම විනාශයක් ..... 🌋 මේක ආදරයට උනත්, යාළුකමට උනත් පොදු දෙයක් .... ❤️ . . . . . . . ඉතින් මේකත් ඒ ගැන විහිළුවෙන් ලියපු පොඩි කතාවක් ..... 😊 කියවලාම බලන්නකෝ .... 🤗