" අහ් එහෙම වෙන්න බෑ නේ... මට ඊයේ රෑ පණිවිඩයක් ලැබුනනේ ඒක ආවා කියලා... "
ජන්කුක් හිටියේ Store එකේ... එතන හිටිය මනුස්සයා දිහා අසරණ බැල්මක් දාලා එයා හෙව්වේ අද එනවා කියලා තිබුන එයාගේ පාර්සල් එක .." Business team එකට මොනාත් ආවේ නෑ නේ සර් ... "
" ආනියෝ... මම දැන් PR team එකේ ... "
කලබල උන ජන්කුක් එහෙම කිව්වේ ඒ මනුස්සයා ගේ මූණ ටිකක් වෙනස් වෙද්දි..." PR team ? "
" යේ ... "
" ඔහ් මම හිතන්නේ ඒක ඔයාට වෙන්න ඇති .. මිස්ටර් කිම් ...
ඒත් වෙන කෙනෙක් අරන් ගියානේ... "ඒ පාර ජන්කුක් ගේ ඇහිබැම් ඇකිලුනේ ලොකු ප්‍රශ්නයක් වුනා වගේ..
" දේ ... ? කවුද .. ? "
ජන්කුක් හිටියේ හොදටම බය වෙලා.. අතේ තිබුන phone එකත් තදින් අල්ලගන එයා එහෙම ඇහුවේ ඇස්දෙකත් ලොකු කරගන....~~~~~
ටේහ්‍යුන් හිටියේ ලිෆ්ට් එකේ... කිසිම හැගීමක් නැති හිස් මූණක් එක්ක එයාගේ අත්දෙකේ තිබුනේ ටිකක් ලොකු කාඩ්බෝඩ් පාර්සල් එකක් ...
කණ්ඩායම් කැබින් එකට ඇවිත් එයා ඒක එයාගේ මේසෙ උඩින් තියන අතරේ ජන්කුක් පුළුවන් වේගෙන් store එකෙන් එලියට දිව්වේ දාඩියත් දාගන...
පඩිපෙලේ එල්ලිලා එයා අඩියට දෙකට පඩිපෙල නැග්ගේ ටේහ්‍යුන් පාර්සල් එකේ ටේප් කපන අතරේයි ....බාගෙට වැහුන ලිෆ්ට් එකට පුළුවන් ඉක්මනට නැගගත්තු ජන්කුක් හති දදාම ඒකේ බට්න් එක එබුවේ ටේහ්‍යුන් පාර්සල් එක දිග අරිද්දියි...
සෘජුෆෝම් බෝල උඩින් දාලා තිබුන ඒ පෙට්ටියේ බෝල ටික එහෙමෙහෙ කරලා එයා ඒක ඇතුලේ තිබුන පුංචි පෙට්ටියත් ඇරියා..ඒක ඇතුලෙන් තිබුනේ තවත් පෙට්ටියක්... ඒක හරි හතරැස් රතුපාට පෙට්ටියක්.. ටේහ්‍යුන් ඒකේ පියන ගලෝලා අතට ගත්තේ ඒ පුංචි හතරැස් පෙට්ටිය ඇතුලේ රෝල් කරලා තිබුන දේ දිහා ඇස් හීන් කරලා බලලා..
ඒ මේ අස්සේ ජන්කුක් පුළුවන් වේගෙන් හති දදා එයාලගේ කැබින් එකට දිව්වේ තවමත් බෑග් එකත් කරේ එල්ලගන...
කැබින් එකේ දොර ලගට යන අතරේ එයා වීදුරු ජනෙල් වලින් දැක්කා ටේහ්‍යුන් එයාගේ මේසේට වෙලා මොනාදෝ දිහා බලන් ඉන්නවා....
YOU ARE READING
𝓛𝓸𝓿𝓮 𝓪𝓷𝓭 𝓛𝓮𝓪𝓼𝓱𝓮𝓼 🖤 ( Taekook ) - Completed
Fanfiction| Requested story | " They're So Gorgeous Taehyung Shi ... " Kim Jungkook " Then... Do You Want me to Step one You ... " Kim Taehyung Based on the Korean movie ' Love and Leashes ' adapted from a Webtoon...