Episode 1

717 101 20
                                    


එයා බර අඩි වලින් කොරිඩෝ එක දිගේ ඇවිදන් ආවේ අදත් office එකේ අනිත් හැමෝටම වඩා කලින් ...

Office එකේ ලොකු වීදුරු ජනෙල් පෝලිම ඉස්සරහ හිටගන තවත් කෙනෙක් පිටත බලාගන තේකක් රසවිදිනවා දැක්කත් එයා ඉස්සරහටම අඩි තිබ්බේ අළුපාට දණහිස වෙනකන් දිග කෝට් එකත් ඇදගත්තු ඒ නාදුනන කෙනාගේ පිටුපසින් පෙනෙනෙ පෙනුම දිහා ටිකක් අවධානයෙන් බලන අතරෙමයි ....

තේ කෝප්පයේ අවසාන උගුරත් කටට ගන්න ගමන් ඒ නාදුනන පුද්ගලයා යන්තමින් පැත්තට හැරුනේ ඒ සැගවුන මුහුණ යම්තාක් දුරට නිරාවරණය කරන ගමන්....

" මිස්ටර් කිම් ... "
තවත් තුන්වෙනියෙකුගේ කටහඬත් එක්ක අළුපැහැ කබා හිමිකරු වගේම මෙතෙක් වෙලාවක් එතන රැදිලා නාදුනන පුද්ගලයා ගැන නිගමනය කරමින් හිටපු පුද්ගලයත් පිටුපසට හැරිලා බැලුවා...

" ඕ.... පළවෙනිම දවසෙම ඔයා වෙලාවටම ඇවිත් නේද ... !

සුබ උදෑසනක් ... "
ටිකක් තරබාරු පෙනුමක් තිබුන ඒ තුන්වෙනි පුද්ගලයා තමන්ගේ කබායේ සාක්කුවකට අතකුත් දාගන අර අළු කබා හිමි කෙනාට ආචාර කලේ එහෙම කියන ගමන්...

" අහ්...
මම කිව්වේ මිස්ටර් කිම් ටේහ්‍යුන් නෙවෙයි ... මිස්ටර් කිම් ජන්කුක් ගැනයි ... "
තරබාරු පුද්ගලයා , තවමත් තමන්ගේ බෑග් එකත් උරහිසක එල්ලන් බලන් හිටිය ටේහ්‍යුන් ට එහෙම කිව්වේ අර අළු පැහැ කබාහිමි පුද්ගලයාගේ උරහිසට තට්ටුවක් දාන ගමන්...

" ඔහ්... අන්යොන්හසේයෝ ... "
නමින් කිම් ජන්කුක් වූ අළු කබා හිමි ඔහු ටේහ්‍යුන් එක්ක හිනාවෙලා එයාට ආචාර කලේ ටේහ්‍යුන් තවත් තත්පර කීපයක් ඒ පුද්ගලයා දිහා බලලා ඔහුට පෙරලා ආචාර කරද්දි....

~~~~

" මිස්ටර් යන්ග් ගේ place එකේ PR team එකට , බිස්නස් team එකේ Mr.Perfect උන කිම් ජන්කුක් අද එකතු උනා .. "
ඒ තරබාරු පුද්ගලයා ජන්කුක් ගේ ලගින්ම හිටගන ඒ හෝල් එකේ තම තමන්ගේ අසුන් වල වාඩිවෙලා හිටිය හැම කෙනෙක්ම ඉස්සරහා ඔහුව හදුන්වා දුන්නේ හැමෝම අත්පොලසන් දීලා ජන්කුක් ව පිලිගනිද්දි....

ඒත් එක් අයෙක් ඇර අනිත් හැමෝම හිනා මූණක් එක්ක ජන්කුක් දිහා බලන් හිටියා...

𝓛𝓸𝓿𝓮 𝓪𝓷𝓭 𝓛𝓮𝓪𝓼𝓱𝓮𝓼 🖤 ( Taekook ) - Completed Donde viven las historias. Descúbrelo ahora