Penguin ..
මම පාකින් එකේ ඉන්නේ ..Hemi..
මම මේ එන ගමන්..හේමි එයාගේ අලුත් නම්ජාචින්ගු ට message එකකුත් යවලා වාහනේ සීට් එකට හේත්තු උනේ වාහනේ පාකින් එකට කිට්ටු වෙද්දි...
" ඔමො ... ! "
ඒත් එක්කම කෙල්ල දැක්කේ ටේහ්‍යුන් වගේම එයාගේ අතේ එල්ලිලා යන ජන්කුක් ව .." මම මේ හරියෙන් බහින්නම් ... "
කෙල්ල එහෙම කියලා ඉස්සරහා ඩ්‍රයිවර් ගේ පිටට තට්ටු කලා....
" අද නම් අතටම අල්ල ගත්තා කිම් ටේහ්‍යුන් .. "
කට කොනින් හිනාවෙන ගමන් කෙල්ල වාහනෙන් බැස්සා...
බැහැපු ගමන් එයා කෝල් කලේ ටේහ්‍යුන් ට ...
" ඕ මේකාගේ ඝනකම කෝල් එක ගන්නෙත් නෑ හාරි හාරි .. "
කෙල්ල තනියම හිනාවෙවී ඉස්සරහට යද්දි තවත් කෙනෙක් එයාගේ උරහිසකට අතක් තිබ්බේ කෙල්ල හැරිලා ඒ දිහා බලද්දි...." පෙන්ගුයින් ... ?! "
ඒ කොල්ලා එහෙම කියනවත් එක්කම කෙල්ලගේ මූණේ ලස්සන හිනාවක් ඇදුනා .. පෙනුමෙන් ඒ කොල්ලත් කඩවසම් වගේම මූණ පිරුණු ටිකක් අමුතු හිනාවක් තිබුන කෙනෙක් උනා...__||__
දෙපැත්තෙන්ම ගස් වලින් වටවුන පටු පාරක ටේහ්‍යුන් වගේම ජන්කුක් එකිනෙකාගේ ඇගේ ගෑවෙන ගමන් ඉස්සරහට යන්න ගත්තා.. දෙන්නගෙම අත් පැටලිලා නිසා දෙන්නා අතර තිබුනේ ටිකක් ව්‍යාජ නිහැඩියාවක්...
කෑම කන්න මේසෙන් වාඩිවෙලත් දෙන්නටම සිද්ධ උනේ මේසෙ මැද්දෙන් අත්දෙක තියාගන මූණට මූණ බලාගන ඉන්නයි.. ඒකෙන් ඉදලා හිටලා දෙන්නගෙම මූණට හිනාවක් ආවා..
" මං හිතන්නේ ඔයා මෙතනට ආවා නම් හොදයි.. "
ටේහ්‍යුන් එහෙම කියලා තමන්ගේ ලගින් තියෙන පුටුව පෙන්නද්දි ජන්කුක් ඒක අනුමත කරන්න ලස්සනට හිනා උනා..." අ දේ.. "
වටපිට බලලා ජන්කුක් හෙමින් ටේහ්‍යුන් ගේ ලගින් වාඩි උනේ දෙන්නගෙම අත් වල පැටලුමක් ඇති නොවෙන විදියට...වේටර් ගෙනත් තියපු සැන්ඩ්විච් දෙකයි කූල් ඩ්‍රින්ක්ස් දෙකයි දෙන්නම ලගට ගත්තේ එයාලගේ නිදහස් අත්වලින්..
ජන්කුක් එක අතකින් සැන්ඩ්විච් එක කටට ගත්තත් අනිත් පැත්තෙන් ඒකේ ඇතුලේ තිබුන දේවල් ටික ඔක්කොම මේසෙ උඩට වැටුනා... ජන්කුක් පොඩි එකෙක් වගේ සැන්ඩ්විච් එකේ සෝස් ටික තොල් දෙක වටේම ගාගන ඒක කන්න කට උල් කරන හැටි ටේහ්‍යුන් බලන් හිටියේ පුංචි හිනාවක් එක්ක..
VOUS LISEZ
𝓛𝓸𝓿𝓮 𝓪𝓷𝓭 𝓛𝓮𝓪𝓼𝓱𝓮𝓼 🖤 ( Taekook ) - Completed
Fanfiction| Requested story | " They're So Gorgeous Taehyung Shi ... " Kim Jungkook " Then... Do You Want me to Step one You ... " Kim Taehyung Based on the Korean movie ' Love and Leashes ' adapted from a Webtoon...