" වාඩිවෙන්න ... "" ස්ස් යා... වාඩිවෙනවා කිව්වම .. "
ටේහ්‍යුන් ඇගිල්ලක් දික් කරලා කෑගහද්දි ජන්කුක් ටිකක් සන්සුන් උනා...හෙමින් කෙදිරිගාන ගමන් එයා දණහිස් තවත් පාත් කරලා බිම දිගා උනා...
ටේහ්‍යුන් ට තිගැස්ම නිසා හොදටම දාඩියත් දාලා තිබුනා...
" හ්හා... Good boy .. "
ඉක්මනට ස්නැක්ස් ටිකක් අතට අරන් එයා ජන්කුක් ලගට නැවිලා එයාට කවන්න ගත්තේ ජන්කුක්ව සන්සුන් කරන්න දගලලා හතිදදාමයි ...ඒත් වේගෙන් දණ ගහපු ජන්කුක් ටේහ්‍යුන් ගේ අතේ තිබුනු ස්නැක්ස් ටික කාගන කාගන ගියේ ආයෙත් අනික් පැත්තේ කාමරෙන් ඇහුන සද්ද වලට බුරන්න අරන්...
" ඕ... අන්ද්වේ .... !!
අන්ද්වේ ...අන්ද්වේ !! "
ටේහ්‍යුන් කෑගහගන ජන්කුක් ගේ කරපටියෙන් ඇද්දත් එයාවත් ඇදිලා ගිහින් ඇද උඩට වැටුනේ ජන්කුක් ජනේලේ ලගට බුරාගන යන අතරෙයි...ඒත් හදිසියේම ස්නැක්ස් වලින් එකක් එයාගේ දණහිසට යටවෙලා කුඩුවෙලා ගියේ දැනුන වේදනාවට ජන්කුක් ට කෙදිරි ගෑවෙද්දි...
" චොගියෝ..... ඔය බල්ලා බුරන එක නවත්තගන්න... !! "
එහා කාමරෙන් පිරිමි කටහඬක් ඇහුනේ ටේහ්‍යුන් අපහසුතාවට පත්වෙද්දි..." Excuseme ... අපිට Complain එකක් ආවා ... කරුණාකරලා එලියට එන්න පුළුවන් ද.. ? "
කාමරේ දොරට තට්ටු කරේ එක ගෑණු කටහඬක් ...ටේහ්‍යුන් කලේ දොර දිහා බලලා ජන්කුක් දිහා බලපු එක ... ජන්කුක් තවමත් බිම වාඩිවෙලා ටේහ්‍යුන් දිහා අහින්සකයෙක් වගේ බලන් උන්නා...
__||__
පාරේ අයිනෙන් වාහනේ නතර කරද්දිත් ටේහ්‍යුන් හා ජන්කුක් අතර කිසිම කතාබහක් උනේ නැහැ...
ටේහ්‍යුන් කඩිමුඩියේ සීට් බෙල්ට් එක ගලවලා හැරුනේ ජන්කුක් දිහාවට ..." එහෙනම් ... අද මහන්සි උනාට Thank You ... "
Serious මූඩ් එකකින් ජන්කුක් ට එහෙම කියලා ටේහ්‍යුන් ආචාර කරද්දි ජන්කුක් සීරුවෙන් සීට් එකට හේත්තු උනා.." අ ඔව්... අහ්ම්... ඔ ඔයත් .. "
ටේහ්‍යුන් ට හිස නවලා ජන්කුක් කියද්දි ටේහ්‍යුන් ඉක්මනට දොරත් ඇරන් එලියට බැහැලා පස්ස නොබලාම එතනින් ගියේ ජන්කුක් කාර් එකට වෙලා ටේහ්‍යුන් දිහා බලන් ඉද්දි....
YOU ARE READING
𝓛𝓸𝓿𝓮 𝓪𝓷𝓭 𝓛𝓮𝓪𝓼𝓱𝓮𝓼 🖤 ( Taekook ) - Completed
Fanfiction| Requested story | " They're So Gorgeous Taehyung Shi ... " Kim Jungkook " Then... Do You Want me to Step one You ... " Kim Taehyung Based on the Korean movie ' Love and Leashes ' adapted from a Webtoon...