Episode 10

201 35 22
                                    

" ඇතුළේ කවුරු හරි ඉන්නවද ... ? "
එලියෙන් ඇහුන ගාඩ් ගේ කටහඬ ත් එක්ක ටේහ්‍යුන් ඉක්මනට මේසෙන් බිමට පැන්නේ ජන්කුක් වත් ඇදලා එයා එක්ක මේසේ පිටිපස්සෙ හැංගෙන ගමන් ...

ටේහ්‍යුන් හිටියේ ජන්කුක් ගේ පිට උඩ .. ජන්කුක් බිම දිගාවෙලා නිශ්ශබ්දව හුස්ම ගනිද්දි ටේහ්‍යුන් ජන්කුක් ගේ කොන්දට බරවෙලා ඔලුව තියන් උන්නේ ගාඩ් මුළු office එකේම ටෝච් ගහලා කවුරුත් ඉන්නවද බලද්දි...

සපත්තු දෙකත් අතට ගත්ත ටේහ්‍යුන් ජන්කුක් ගේ අතකිනුත් අල්ලගන මේස යටින් නැමි නැමී office room එකෙන් එලියට දුවලා අන්තිමට පාකින් එකේ තිබුන වාහනේ අතුලටත් නැගලයි නතර උනේ...

හතිදදා වාහනේ දොරත් වහලා දෙන්නම මූණට මූණ බලාගන ටිකක් වෙලා හිටියත් ඒ සැනින් දෙන්නටම මහ හයියෙන් හිනා ගියේ හතියත් එක්කමයි...

" ඔයා කැමතිද ඒකට .. ? "
ටේහ්‍යුන් එහෙම අහද්දි ජන්කුක් වේගෙන් ඔලුව වැනුවා...

" ටේහ්‍යුන් ශී .. ? "

" මාත් ... ඒක නම් මරු ... "
ටේහ්‍යුන් ආයෙම හයියෙන් හිනාඋනා...

__||__

ටේහ්‍යුන්ව ගෙදර ඇරලවලා ජන්කුක් ආපහු යද්දි ටේහ්‍යුන් තනියම හිනාවෙවීම එයාගේ කාමරේට ආවා...

ඇදේ දිගෑදිලා හොද හුස්මක් ගන්න ගමන් එයා තමන්ගේ රතුවෙලා තිබුන එක කම්මුලක් අතින් පිරිමැද්දේ ඒ වෙලාවේ ජන්කුක් ගේ පිට උඩ මූණ තියාගන හතිදාපු විදිය මතක් වෙලා...

__||__

හමේ පාටටම ගැලපෙන ලා රෝස පාටකින් සැරසුන ටේහ්‍යුන් phone එක බල බලම company එක ඉස්සරහ එද්දි එයාට ජන්කුක් ගෙන් message එකක් ආවා...

" මම චෙරි තක්කාලි සැලඩ් එකයි , පාන් එක්ක ඇපල් ජූස් එකක් ගත්තා ටේහ්‍යුන් ශී ...

ටේහ්‍යුන් ශී උදේ කෑමවේල ගත්තා නේද .. ? "
කෑමවේලේ photo එකකුත් එක්ක ජන්කුක් ටේහ්‍යුන් ට විස්තර කරලා එවද්දි ටේහ්‍යුන් ඒ දිහා බලාගන ඉස්සරහට ඇවිදන් ගියේ හිනා වෙවීමයි...

ඒ එක්කම ටේහ්‍යුන් ජන්කුක් ට කෝල් එකක් ගත්තේ ජන්කුක් ගන්න පරක්කුවට කෝල් එක ආන්ස්වර් කරද්දි...

𝓛𝓸𝓿𝓮 𝓪𝓷𝓭 𝓛𝓮𝓪𝓼𝓱𝓮𝓼 🖤 ( Taekook ) - Completed Onde histórias criam vida. Descubra agora